Last Update  :  2025-09-10 00:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජෝන් ටාබට් තරගාවලිය 13 දා සිට

ජෝන් ටාබට් තරගාවලිය 13 දා සිට

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ශ්‍රීමත් ජෝන් ටාබට් අන්තර් පාසල් (ජ්‍යෙෂ්ඨ) මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සිලෝන් බිස්කට් සමාගමේ චොකලට් සන්නාමය වන ‘රිට්ස්බරි’ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා 350 කට වැඩි පාසල් සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3500 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය.

තරගාවලියේ ගිනි සිළුව පහන දැල්වීම සඳහා මීගමුව මාරිස්ටෙලා විදුහලේ උදිත චන්ද්‍රසේන සහ වැලිමඩ මධ්‍ය මහ විදුහලේ ඔමායා උදයංගනී නම් කර තිබේ. සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා සහභාගි වීමට නියමිතය.

මෙහි කනිෂ්ඨ තරගාවලිය ඔක්තෝබර් මස 22 වැනිදා සිට 25 වැනිදා දක්වා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා පාසල් 600 කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් සහභාගි වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 6000 කට ආසන්නය.  

කනිෂ්ඨ තරගාවලියේ ගිනි සිළුව දැල්වීම සඳහා පේදුරු තුඩුව හාට්ලි විදුහලේ බාලචන්ද්‍රන් ආනන්ත් සමගින් ගම්පහ සිරි කුරුස විදුහලේ ප්‍රසාදිනී ලක්ෂානි නම් කර සිටිති.

 

ඡායාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

ජෝන් ටාබට් තරගාවලිය 13 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.