Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ගයන්තිකාත් සිව්වැනි තැනට
ආසියානු ක්‍රීඩා

ගයන්තිකාත් සිව්වැනි තැනට

editorial - 2023 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

‘හංජෝ’ ආසියානු ක්‍රීඩා උළෙලේ අද (1) පස්වරුවේ තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න මීටර 1500 (කාන්තා) අවසන් තරගයේ සිව්වැනි ස්ථානයට (විනාඩි 4 තප්පර 18.77) පත්වූවාය.

මෙහි රන් පදක්කම බහරේන් ක්‍රීඩිකා මුතිලි යාවි විසින් දිනා ගත්තේ විනාඩි 4 තප්පර 11.65කට ය. රිදී පදක්කම ඉන්දීය ක්‍රීඩිකා හාර්මිලියන් බ්‍රයින්ස් විසින් හිමිකර ගත්තේ විනාඩි 4 තප්පර 12.74කට ය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නට වඩා තප්පර 3.20කින් ඉස්සර වූ (විනාඩි 4 තත්පර 15.97) බහරේන් ක්‍රීඩිකා මාර්තා හිර්පතෝ යෝතා මෙහි ලෝකඩ පදක්කම ලැබීය.

මෙම ඉසව්වට සහභාගි වූ ක්‍රීඩිකාවන් ගණන 17 කි. මෙවර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරන 36 හැවිරිදි ගයන්තිකා මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙල දෙකක් (2014 - 2018) අත්දැකීම් හෙබි ඇය එම උළෙල දෙකේම තරග වැදුණේ මීටර 800 (කාන්තා) ඉසව්ව සඳහාය.

කෙසේ වුවත් ගයන්තිකා පැවැති 2023 ආසියානු ශූරතා තරගාවලියේදී මීටර 1500 (කාන්තා) ඉසව්වේ ලෝකඩ පදක්කම විනාඩි 4 තප්පර 14.39 හිමිකර ගත් ක්‍රීඩිකාවයි.

ගයන්තිකා අද මීටර 1500 (කාන්තා) ඉසව්වෙන් පරාජයට පත්වුණත් මෙවර ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු අතර ඇය අනිද්දා (3) ට තරග වැදීම ආරම්භ කරන මීටර 800 (කාන්තා) ඉසව්ව කෙරෙහි දැඩිව පවතී.

හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.50 ට ඇය එහි මූලික වටයේ තරග සඳහා සහභාගි වේ. එහි අවසන් තරගය පැවැත්වෙන්නේ බදාදා (4) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.55 ටය.

ගයන්තිකා මෙවර ආසියානු ක්‍රීඩා උළෙල කෙරෙහි වඩාත් විශ්වාසයෙන් කටයුතු කළේ පසුගිය සැප්තැම්බර් මාසයේ හංගේරියාවේ දී පැවැති ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ සහභාගිත්වයද අත් හරිමිනි.

අද දිනයේ තරග වැදුණු සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩිකා රුමේෂිකා රත්නායක මීටර 200 (කාන්තා) ඉසව්ව මූලික වටයට සහභාගි වුවත් අවසන් පූර්ව වටයට නිර්දේශ ලබා ගැනීමට අපොහොසත් වූවාය. පළමු මූලික තරගයේ දිව ගිය ඇය තත්පර 24.51 කට තෙවැනි ස්ථානයට තරගය නිමා කළාය.

මෙම ක්‍රීඩිකාව අවසන් වරට පැවැති 2018 ජකර්තා ක්‍රීඩා උළෙලේදී ඉසව්ව තත්පර 24.05 කට නිමාකර ඇත්තේ අවසන් පූර්ව වටයෙන් සහභාගිත්වය අවසන් කරමිනි.

ශ්‍රී ලංකාව අද දිනය නිමා වන විට පදක්කම් සටහනේ 29 වැනි ස්ථානයේ පසුවූයේ ක්‍රිකට් කාන්තා ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගැනීම තුළිනි. මේ අතර සත්කාරක චීනය රන් පදක්කම් 129ක්, රිදී පදක්කම් 71ක්, ලෝකඩ පදක්කම් 239ක් දිනා ඒ වන විට පදක්කම් සටහනේ පෙරමුණේ පසුවූයේ මෙවර ක්‍රීඩා උළෙලේ ඔවුන්ගේ ජයග්‍රහනය දැන් සිටම ඉගි කරමිනි. ඉන්දියාව සිව්වැනි ස්ථානයේ ඒ වන විට පසුවූයේ රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 19ක් හා ලෝකඩ පදක්කම් 18ක් (එකතුව 50) ලබා ඒ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරන දකුණු ආසියාවේ පෙරළිකාරම රට බවට පත් වෙමිනි.


අදහස් (0)

ගයන්තිකාත් සිව්වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.