Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගය ඔක්. 5 වැනිදා

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගය ඔක්. 5 වැනිදා

ශනුක අරවින්ද - 2014 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එල්. එස්. ආර්. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ 14 වැනි අදියර, දෙස් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් ලබන ඔක්තෝම්බර් මස 5 වැනිදා පෙරවරු 6.00 ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගය පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම කාණ්ඩ 6 ක් යටතේ පැවැත්වෙන අතර විවෘත පූර්ණ මැරතන් තරගය, විවෘත අර්ධ මැරතන් තරගය, වයස 50 ට ඉහළ ප‍්‍රවීණයන්ගේ පූර්ණ මැරතන් තරගය, වයස 50 ට ඉහළ ප‍්‍රවීණයන්ගේ අර්ධ මැරතන් තරගය, විනෝද ධාවන තරගය, අර්ධ විනෝද ධාවන තරගය එම කාණ්ඩ 6 ට ඇතුළත් වේ.

මෙහි පූර්ණ මැරතන් තරගයේ මුළු දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 42.195 ක් වන අතර අර්ධ මැරතන් තරගයේ දුර කිලෝ මීටර් 21.097 කි. විනෝද ධාවන තරගය කිලෝ මීටර් 10 කින්ද, අර්ධ විනෝද ධාවන තරගය කිලෝ මීටර් 5 කින්ද සමන්විත වේ.

කොළඹ කී‍්‍රඩා අමාත්‍යංශය අසලින් ආරම්භ වන මෙම මැරතන් තරගය, බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල, හැමිල්ටන් ඇල අසල මාර්ගය, පමුණුගම, තලාහේන, පිටිපන, දූව යන මාර්ග ඔස්සේ මීගමුව වෙරළ උද්‍යානයට පැමිනීමෙන් අවසන් වේ.

මේ වන විට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 3700 කට වැඩි සංඛ්‍යාවක් තරගය සඳහා ලියාපදිංචිවී ඇති අතර එම සංඛ්‍යාව 5000 ඉක්මවනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති. රටවල් 19 ක් නියෝජනය කරමින් මේ වන විට තරගාවලියට එක්ව සිටින විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 50 කට ආසන්න වේ.

තරගයේ ප‍්‍රධානම කාණ්ඩය වන විවෘත පූර්ණ මැරතන් තරගයේ ජයග‍්‍රාහකයාට සහ ජයග‍්‍රාහිකාවට ඇමරිකානු ඩොලර් 10, 000 ක මුදලක් සහ ගුවන් ටිකට්පතක් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටී. එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් දොලොස් ලක්ෂ අසූදහසක් (1, 280, 000) පමණ වේ.

එහි දෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 7, 000 ක්ද, තෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 3, 500 ක්ද, පිරිනැමෙන අතර සිව්වැනි සහ පස්වැනි ස්ථාන වලට පිළිවෙළින් ඇමරිකානු ඩොලර් 1, 000 ක් සහ 750 ක් බැගින් පිරිනැමීමට නියමිතය.

පසුගිය වසරේ පැවැති කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගය සඳහා සහභාගීවූ තරගකරුවන් සංඛ්‍යාව 4600 ක් වූ අතර ඊට විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 75 ක් පමණ ඇතුළත් වූහ. පැය 2 යි විනාඩි 21 යි තත්පර 1 කින් තරගය අවසන් කළ කෙන්යාවේ ඇන්ටනී මූගුන් ඩුංගු එම තරගය ජයගතතේය. එවර තරගය අවසන් කළ ප‍්‍රථම කාන්තාව වූයේ කෙන්යාවේ ෆරිඩා ටූ ජෙප්කයිට්ය. ඇයට තරගය අවසන් කිරීමට පැය 2 යි විනාඩි 48 යි තත්පර 11 ක කාලයක් ගතවිය.

ලංකා ස්පෝට්රයිසන් ප‍්‍රවාහන ඒජන්සිය සංවිධානය කරන මෙම මැරතන් තරගයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ශි‍්‍ර ලංකන් එයාර් ලයින්ස් සමාගම කටයුතු කරයි.

 


අදහස් (0)

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගය ඔක්. 5 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.