Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics කාලිංග කුමාර අවසන් පූර්ව වටයට
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

කාලිංග කුමාර අවසන් පූර්ව වටයට

editorial - 2022 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සුසිල් ප්‍රේමලාල් බර්මින්හැම් සිට)

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී අද (03 වැනිදා) පැවැති මීටර 400 පිරිමි ඉසව්වට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක කාලිංග කුමාරගේ එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. පළමුවැනි මූලික තරගයට ඉදිරිපත් වූ කාලිංග එහිදී ලබාගත්තේ 4 වැනි ස්ථානය වුවත් ඔහුගේ තරග කාලය වන තත්ත්පර 46.53 අවසන් පූර්ව වටයට යාමට තරම් ඔහුට ප්‍රමාණවත් විය.

මීටර 400 පිරිමි ඉසව්වේ මූලික වට 7 ක් පැවැති අතර සෑම මූලික වටයකදීම පළමු ස්ථාන 3 ලබාගත් ක්‍රීඩකයෝ තිදෙනාත්, ඉතිරි ක්‍රීඩකයන් අතුරින් වේගවත්ම ක්‍රීඩකයෝ තිදෙනාත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. මූලික වටයේ කාල ගණනය අනුව කාලිංග කුමාරගේට 17 වැනි ස්ථානය හිමිවී තිබිණ.

මෙම ඉසව්වේ අවසන් පූර්ව වටය අගෝස්තු 5  දා  පැවැත්වීමට නියමිතය.

කාලිංග සාර්ථික ආරම්භයක් ගනිමින් ඉදිරියේ සිටි ක්‍රීඩකයින් දෙදෙනාට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ නමුත් ඔහු අවසන් මිටර 100  කිසියම් ආකාරයකින් පසුබසිනු දක්නට ලැබුණි. කාලිංගගේ තරග කාලය ඔහුගේ  පෞද්ගලිකව දක්ෂතාව (45.98)අභිබවා යාමට නොහැකි වීමද කැපී පෙනුණි.


අදහස් (0)

කාලිංග කුමාර අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.