
(නාමල් පතිරගේ)
චීනයේ නැන්ජින් නුවරදී අද (21) ආරම්භ වන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායක මීටර 400 ක්‍රීඩක කාලිංග කුමාරගේ හා මීටර 60 ක්‍රීඩක චමෝද් යෝධසිංහ අද තරග බිමට පිවිසේ.
එහිදී චමෝද් තරග වදින මීටර 60 (පිරිම්) ඉසව්වේ අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේද අද ශ්‍රී ලංකා වේලවෙන් පස්වරු 6.54 ටය.මීටර් 400 (පිරිමි) ඉසව්වේ අවසන් පූර්ව වටයත් අද පවත්වා අවසන් කෙරේ.
ශ්‍රී ලංකා සහාය දිවීමේ (මීටර 400x4) කණ්ඩායම් දෙකත් සමග නැන්ජින් ලෝක ශූරතා තරග සංචාරයට එක්ව සිටින මෙරට කණ්ඩායම 12 කි.හෙටත් අනිද්දාත් (22 - 23) පැවැත්වෙන මෙම තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා මීටර 60 - කඩුලු ක්‍රීඩක නදුන් බන්ඩාර හෙට දිනයේදීත් ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම් දෙක අනිද්දා දිනයේදීත් තරග වැදීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.