Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව සභාපතිවරයා වශයෙන් ආචාර්ය ලලීෂ කහටපිටිය මහතා පසුගියදා වැඩ බාර ගත්තේය. කහටපිටිය මහතා ක්‍රීඩා විද්‍යාව පිළිබඳ කියුබාවේ "මැනුවෙල් ෆජාර්ඩෝ" ජාත්‍යන්තර භෞතික, සංස්කෘතික හා ක්‍රීඩා විද්‍යා විශ්ව විද්‍යාලයෙහි ආචාර්ය උපාධිය ලබා තිබේ.
ඒ මහතා ඉක්වදෝරයේ ක්විටෝ හි "ඩි'ෆර්නැන්ඩා" ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයෙහි පරිපාලන කළමනාකරුවෙකු වශයෙන් ද කලක් සේවය කර ඇති අත්දැකීම් වලින් පරිපූර්ණ අයකු වන අතර අන්තර්ජාතික බොක්සිං සංගමයෙහි (IBA) ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කර ඇත.
කියුබානු ජාතික යොවුන් බොක්සිං කණ්ඩායම් සහකාර පුහුණුකරුවෙකු වශයෙන් ද කටයුතු කර ඇති ඔහු, දකුණු ආසියානු කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය සහ ජාත්‍යන්තර තරුණ ක්‍රිස්තියානි සංගම් බොක්සිං ශූරතාවලියන්හි පදක්කම් ලාභියෙකි. ඔහු ජාතික බොක්සිං කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් ද වේ.
“උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ වගකීම විය යුත්තේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් තහනම් උත්තේජක පරික්ෂා කරනවාට වඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ වෙත ඇදී යාමට ඇති හේතු වැළැක්වීමයි. තමා තුළ පවතින ශක්තියෙන් ලබා ගන්නා ජයග්‍රහණය ශ්‍රේෂ්ඨ වන බව ක්‍රීඩකයන්ගේ සිත් තුළට කාවැද්දිය යුතුයි“ යයි ආචාර්ය කහටපිටිය මහතා වැඩ බාරගනිමින් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.