Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඉතාලියේ තරගයෙන් යුපුන් ඉවත්වෙයි

ඉතාලියේ තරගයෙන් යුපුන් ඉවත්වෙයි

editorial - 2023 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා සුපිරි කෙටි ධාවන ශූර යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් අනිද්දා (2) ඉතාලියේ ‘සැවෝනා’හිදි පැවැත්වෙන ෆ්ලෝරන්ස් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියට කලවා ආබාධයක් හේතුවෙන් තමන් සහභාගි නොවන බව ඊයේ (30) නිල වශයෙන් ප්‍රකාශ කළේය.

වෛද්‍ය උපදෙස් මත තමා සිකුරාදා තරග වැදීමෙන් ඉවත් වුවත් සිය ඉදිරි තරග සහභාගිත්වය යොදා ගත් පරිදි සම්පූර්ණ කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවත් එහිදී යුපුන් ප්‍රකාශ කළේය.

28 හැවිරිදි යුපුන් අවසන් වරට පසුගිය මැයි 24 වැනිදා සැවෝනා හිදීම පැවැති මෙම තරගමාලාවේ අදියර තරගයකට සහභාගි වෙමින් මීටර 100 (පිරිමි) ඉසව්ව තප්පර 10.01කට නිමා කළේ එහි දෙවැනි ස්ථානයට පත් වෙමිනි.

මෙම වසරේ දී ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය (හංගේරියාව) හා ආසියානු ක්‍රීඩා උළෙල (චීනය) යන ප්‍රධානතම අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගාවලි දෙකක දී මෙරට වඩාත් විශ්වාසයෙන් යුතුව ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින මෙම ක්‍රීඩකයාගේ වත්මන් ආබාධය දැඩි අවධානයට යොමු වන්නකි. කෙසේ වුවත් එළඹෙන ජුලි 7 දා ආරම්භ වන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියෙන් ඉවත්වන බව ඔහු දැනටමත් ප්‍රකාශ කර තිබේ.

විශේෂයෙන් වසර 2006 (දෝහා-කටාර්) ක්‍රීඩා උළෙලන් පසුව ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලක දී මෙතෙක් මලල ක්‍රීඩා ඉසව්වකින් කිසිදු පදක්කමක් දිනා ගැනීමට සමත්ව නැත.

එම තත්ත්වය තුළ වසර 16කට පසුව එම අඩුව පිරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය යුපුන් කෙරෙහි මහත් බලාපොරොත්තු තබා සිටියි. මීටර 200 (පිරිමි) ඉසව්වේ පසුගිය මැයි 7 වැනිදා අවසන් ජාත්‍යන්තර තරග වැදීමේ දී ඔහු තත්පර 20.60ක දක්ෂතාවයක් පළකර ඇත.

මීටර 100 (පිරිමි) ඉසව්වේ යුපුන් අබේකෝන්ගේ මෙතෙක් හොඳම දක්ෂතා මෙසේය. ලබාගත් ස්ථානය අගට දක්වා ඇත.

 

1. 2023 මැයි 24:- සැවෝනාහිදී - තත්පර 10.01 (2)
2. 2022 ජුලි 3- සුරිච් නුවරදී තත්පර 9.96 (1) (දකුණු ආසියාවේ තත්පර 10ට අඩුවෙන් මීටර 100 ඉසව්ව නිමා කළ පළමු ක්‍රිඩකයා බවට පත්වීම)
3. 2022 මැයි 25:- ජර්මනියේ දී - තත්පර 10.06 (1)
4. 2022 මැයි 31:- චෙක් ජනරජයේ දී - තත්පර 10.08 (5)
5. 2022 අගෝස්තු 2:- බර්මින්හැම් නුවර දී - තත්පර 10.06 (5)
6. 2022ජුලි 3:- සුරිච් නුවර දී - තත්පර 10.11
7. 2022 අගෝස්තු 3:- බර්මින්හැම් නුවර දී - තත්පර 10.14 (3)
8. 2022 සැප්තැම්බර් 8:- ඉතාලියේ දී - තත්පර 10.14 (5)
9 2021 මැයි 13:- ඉතාලියේ දී - තත්පර 10.15 (2)


අදහස් (0)

ඉතාලියේ තරගයෙන් යුපුන් ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.