Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ආසියානු ක්‍රීඩා ධාවනය අද වරාය නගරයේදී

ආසියානු ක්‍රීඩා ධාවනය අද වරාය නගරයේදී

editorial - 2023 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ) 

චීනයේ ‘හැන්ජෝ’ නුවරදී සැප්තැම්බර් 23 වැනිදා ආරම්භ වන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ප්‍රවර්ධනය කිරීම සඳහා සංවිධාන කෙරෙන මාර්ග ධාවනය අද (7) පස්වරු 5.00ට කොළඹ වරාය නගරයේදී පැවැත්වේ.

මේ නිමිත්තෙන් ආසියානු ඔලිම්පික් සභාවේ අධීක්ෂණයෙන් ජාතික ඔලිම්පික් කමිටුව සංවිධාන කළ නිල උත්සවය වරාය නගරයේදී විශේෂාංග රැසකින් සමන්විතව, පස්වරු 2.30 සිට පැවැත්වේ.

මේ ආසියානු ක්‍රීඩා සැමරුම් ධාවනය සඳහා පාසල් සිසු සසුවියන් 700 දෙනකු සහභාගි වෙති. ආසියානු ඔලිම්පික් සභාව ‘හැන්ජෝ’ ආසියානු ක්‍රීඩා උළෙල නිමිත්තෙන් දකුණු ආසියානු, මැදපෙරදිග හා නැගෙනහිර ආසියානු රටවල් 12කදී ප්‍රවර්ධන මාර්ග ධාවන මාලාවක් ලබන මාර්තු 12 වැනිදා දක්වා පැවැත්වේ.

කොළඹ වරාය නගරයේදී අද පැවැත්වෙන මෙම නිල උත්සවය ආසියානු ඔලිම්පික් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය හුසේන් අල් මුසලාම් මහතාගේ ප්‍රධානාත්වයෙන් පැවැත්වේ.

මෙම උත්සවයේ විශේෂාංග අතරට යුද හමුදාව හා නාවික හමුදාවේ සහභාගිත්වයෙන් ජල යාත්‍රා (ජෙට් ස්කයි), රුවල් යාත්‍රා, මකර යාත්‍රා ධාවන සංදර්ශන හා අංගම්පොර සංදර්ශනය, වොලිබෝල්, ටයිකොණ්ඩෝ සංදර්ශන ද එක් කර තිබේ.

කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, එහි මහලේකම් මැක්ස්වල් ද සිල්වා, හැන්ජෝ ආසියානු ක්‍රීඩා උළෙලේ කාර්යමණ්ඩල මාධ්‍ය හා ප්‍රචාරණ සබඳතා නිලධාරි ජී. ජියන්ග් සැන්ග් හා ආසියානු ඔලිම්පික් සභාවේ කාර්යමණ්‍ඩල නියෝජිත බාඕ හන් සුආන් යන මහත්වරු සිහිවටන හුවමරු කරගත් අයුරු.


අදහස් (0)

ආසියානු ක්‍රීඩා ධාවනය අද වරාය නගරයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.