Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අලයිලීමා 12 වැනි රන් පදක්කමත් දිනාගනී

අලයිලීමා 12 වැනි රන් පදක්කමත් දිනාගනී

ශනුක අරවින්ද - 2013 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ කවපෙත්ත විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් 12 වැනි රන් පදක්කම දිනා ගැනීමට 44 හැවිරිදි තලවොව් අලයිලීමා සමත් විය. නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගනයේ දී අද (3) නිමාවට පත් වූ 39 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලෙට සහභාගී වෙමින් ඔහු මෙම දස්කම දැක්වීය.

ජාතික මහ ක‍්‍රීඩා උළෙලට සහභාගීවී සිටින ජ්‍යෙෂ්ඨතම මලල ක‍්‍රීඩකයා වන අලයිලිමා යගුලිය විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් 10 වතාවක්ම ක‍්‍රීඩා උලෙලේ දී රන් පදක්කම් දිනාගෙන සිටින මෙරට ප‍්‍රවීනතම මලල කී‍්‍රඩකයෙකි.

ඔහුගේ පළමු දස්කම් 1989 පැවැති ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ දී වාර්තා විය. එහිදී යගුලිය විසි කිරීම හා කවපෙත්ත විසි කිරීම (පිරිමි) යන ඉසව් දෙකෙන්ම රන් පදක්කම් දිනා ගැනීමට අලයිලීමා සමත් විය. කවපෙත්ත විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් සාෆ් ක‍්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් දිනාගත් එකම ශ්‍රී ලාංකික ක‍්‍රීඩකයා (1999 කත්මන්ඩු) වන්නේ ද ඔහුය. අලයිලීමා බස්නාහිර පළාතේ ක‍්‍රීඩකයෙකි.

මේ අතර ලයනල් සමරජීව මධ්‍යම පළාත නියෝජනය කරමින් මෙවර ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ සිය දෙවැනි රන් පදක්කම දිනා ගත්තේය. ඔහු මීටර් 10,000 හා මීටර 5000 පිරිමි ඉසව් දෙකෙන්ම රන් පදක්කම් දිනා ගත්තේය.

උස පැනීම (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමටත් (මීටර 1.73) ඊ. ඒ. දුලංජලී රණසිංහ සමත් වූවාය. ඇය සාෆ් රන් පදක්කම් ලාභිණියකි. මෙම ඉසව්වේ තරග වාර්තාවට හිමිකම් කියන්නේ පසුගිය වසරේදී මීටර 1.79 ක් උසක් පැන්න ප‍්‍රියංගිකා මධුමන්තිය.

මලල ක‍්‍රීඩා තරග ප‍්‍රතිඵල

උස පැනීම (කාන්තා)
1. දුලංජලි රණසිංහ - බස්නාහිර (මීටර් 1.73)
2. තරංගා විනෝදනී - දකුණ (මීටර් 1.65)
3. එස්.එම්. සූරියපොල - මධ්‍යම (මීටර 1.65)

මීටර 5000 (පිරිමි)
1. ලයනල් සමරජීව - මධ්‍යම (වි: 14 තත් 42.80)
2. කේ.ජී.ආර්. සමන් කුමාර - ඌව (වි: 15 තත් 09.00)
3. එරන් ද තෙන්කෝන් - ඌව (වි: 15: තත් 10.00)

මීටර් 10,000 (කාන්තා)
1. ඒ.එන්.එල්. ආරියදාස - සබරගමුව (වි: 36 තත් 26.32)
2. ඞී. ඒ. ඉනෝකා - මධ්‍යම (වි: 36 තත් 52.00)
3. එච්.ඒ.ජී.සී. හේමමාලි - සබරගමුව (වි: 36 තත් 34.70)

දුර පැනීම (කාන්තා)
1. එන්. සී. ඞී. ප‍්‍රියදර්ශනී - බස්නාහිර (මීටර් 5.82)
2. ලක්‍ෂානී සාරංගී සිල්වා - බස්නාහිර (මීටර් 5.76)
3. ඞී. බී. සී. එම්. තිලකරත්න - වයඹ (මීටර් 5.75)
 

මීටර් 200 (පිරිමි)
1. ඒ. එස්. පතිරණ - මධ්‍යම (තත් 21.65)
2. ජේ. ඒ. එන්. එස්. ජයතිලක - ඌව (තත් 22.13)
3. පී.ඒ.සී. නදීෂාන් - මධ්‍යම (තත් 21.9)

කවපෙත්ත විසි කිරීම (පිරිමි)
1. තලවොව් අලයිලීමා - බස්නාහිර (මීටර 44.14)
2. ප‍්‍රභාත් ධනුෂ්ක - බස්නාහිර (මීටර 41.71)
3. ඞී.ජී.ඞී. චතුරංග - දකුණ (මීටර 41.55)

මීටර් 400 කඩුලූ (කාන්තා)
1. ඩබ්. පී. ඊ. ආර්. දුලක්‍ෂි - දකුණ (වි: 1 තත් 01.57)
2. ටී. ජී. එන්. ඞී. වික‍්‍රමසිංහ - වයඹ (වි: 1 තත් 03.06)
3. ඊ.පී.කේ. මධුෂානි - වයඹ (වි: 1 තත් 03.65)

මීටර් 400 කඩුලූ (පිරිමි)
1. එස්.පී. ද සිල්වා - බස්නාහිර (තත් 52.81)
2. ආර්.පී.ඞී. සසංක - බස්නාහිර (තත් 52.86)
3. එම්.ජී.එම්. බණ්ඩාර - උතුරුමැද (තත් 53.41)

දුර පැනීම (පිරිමි)
1. ඞී.ඒ.ජී.ජී.පී. විමලසිරි - මධ්‍යම (මීටර් 7.49)
2. එච්.පී.ඒ. ජයසිරි - වයඹ (මීටර් 7.28)
3. එල්.පී. සුදීර නිලංග - බස්නාහිර (මීටර් 7.20)
 

යගුලිය විසි කිරීම
1. ඒ.ජේ.ඞී. පෙරේරා - නැගෙනහිර (මිටර් 14.85)
2. ප‍්‍රභාත් ධනුෂ්ක පෙරේරා - බස්නාහිර (මීටර් 13.75)
3. එම්.ජී.අයි.පී. ද සිල්වා - බස්නාහිර (මීටර් 13.61)

ඡයාරූපය : රොමේෂ් ධනුෂ්ක සිල්වා


 


අදහස් (0)

අලයිලීමා 12 වැනි රන් පදක්කමත් දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.