Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics 400x4 රන් පදක්කම් දෙකම ඇමරිකාවට

400x4 රන් පදක්කම් දෙකම ඇමරිකාවට

editorial - 2021 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 400 x 4 සහය දිවීමේ පිරිමි සහ කාන්තා ඉසව් දෙකේම රන් පදක්කම් දිනාගැනීමට ඇමරිකානු සහය දිවීමේ කණ්ඩායම් සමත් වූහ.

මීටර් 400x4 සහය දිවීමේ ඉසව්වේ පිරිමි අවසන් අවසන් මහ තරගය විනාඩි 2:55.70 කින් නිමා කිරීමට ඇමරිකානු ක්‍රීඩකයෝ සමත් වූහ. එහි කාන්තා අවසන් මහ තරගය විනාඩි 3:16.85 කින් නිමා කිරීමට ඇමරිකානු ක්‍රීඩිකාවෝ සමත් වූහ.

විනාඩි 2:57.18 ක කාලයක් වාර්තා කළ නෙදර්ලන්ත කණ්ඩායම පිරිමි ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර බොට්ස්වානා කණ්ඩායම එහි ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ විනාඩි 2:57.27 ක කාලයක් වාර්තා කරමිනි.

විනාඩි 3:20.53 ක කාලයක් වාර්තා කළ පෝලන්ත කණ්ඩායම සහ විනාඩි 3:21.24 ක කාලයක් වාර්තා කළ ජැමෙයිකානු කණ්ඩායම පිළිවෙලින් කාන්තා ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගත්හ.

2008 වසරේ බීජිං ඔලිම්පික් උළෙලේදී විනාඩි 2:55.39 ක කාලයක් වාර්තා කරමින් ඇමරිකාව මීටර් 400x4 සහය දිවීමේ පිරිමි ඉසව්වේ ‍ඔලිම්පික් වාර්තාව පිහිටුවා තිබූ අතර 1988 වසරේදී විනාඩි 3:15.17 ක කාලයක් වාර්තා කරමින්‍ සෝවියට් රැසියාව එහි කාන්තා ඉසව්වේ ඔලිම්පික් වාර්තාව පිහිටුවා තිබිණ.


-036


අදහස් (0)

400x4 රන් පදක්කම් දෙකම ඇමරිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.