Last Update  :  2025-05-12 20:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සුසන්තිකා පැමිණ හිඟ වැටුප් රැගෙන යයි

සුසන්තිකා පැමිණ හිඟ වැටුප් රැගෙන යයි

ශනුක අරවින්ද - 2017 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පසුගිය දිනවලදී මහත් කතාබහට ලක්වූ සුසන්තිකා ජයසිංහ මහත්මියගේ වැටුප් ප්‍රශ්නය විසඳමින් අප්‍රේල් හා මැයි මාසවලට ඇයට හිමි හිඟ වැටුප් ගෙවීමට ක්‍රීඩා අමාත්‍යාංශය අද (14) කටයුතු කළ බව වාර්තා වේ.

ඔලිම්පික් පදක්කම්ලාභී හිටපු සුපිරි කෙටි ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මිය ඊයේ රීඞ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ සිය හිඟ වැටුප්වලට අදාළ චෙක්පත්  රැගෙන ගිය බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරත් සඳහන් කරයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන තමාගේ වැටුප් හා දීමනා පසුගිය අප්‍රේල් මාසයේ සිට අත්හිටුවා ඇතැයි ඇය ක්‍රීඩා අමාත්‍යාංශයට චෝදනා කර තිබුණි.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමාට ඉදිරියේ ජීවත්වීම සඳහා දිනාගත් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට සිදුව ඇති බවත් එය රුපියල් කෝටි 25 කට මිලදී ගැනීමට විදේශිකයෙකු ඉදිරිපත්ව සිටින බවත්ය.

කෙසේ වුවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සුසන්තිකාගේ චෝදනාවට පිළිතුරු දෙමින් පැවසුවේ රජය විසින් ඇයට ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ නොකිරීමෙන් ඇගේ වැටුප් අත්හිටුවීමට පියවරගත් නමුත් එය ඉටුකිරීමෙන් පසුව ඇයට නියමිත පරිදි ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවට හිමි වැටුප් දිගටම ගෙවීමට කටයුතු කරන බවයි.

සුසන්තිකා අද දිනයේ ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ හිඟ වැටුප් ලබාගැනීම ගැන එහි ප්‍රකාශකයෙකු ‘ලංකාදීපය’ට පැවසුවේ සුසන්තිකා සමඟ ක්‍රීඩා අමාත්‍යාංශයට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ඇගෙන් ඉදිරියටත් සේවය ලබාගන්නා ලෙස ක්‍රීඩා ඇමැතිවරයා අමාත්‍යාංශ බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත්ය.

 


අදහස් (0)

සුසන්තිකා පැමිණ හිඟ වැටුප් රැගෙන යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.