Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ )
ජපානයේ ටෝකියෝ නුවරදී සෙනසුරාදා (13) ආරම්භ වන 20 වැනි ලෝක මලල ක්‍රීඩා තරගාවලියට සමගාමිව එහිදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ආයතනයේ මහ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීම සදහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා අද (8) දිවයිනෙන් පිටත්ව යයි.
එම සමුළුව අනිද්දා (10) ටෝකියෝ නුවරදී පැවැත්වේ.
ශ්‍රී ලංක මලල ක්‍රීඩා ආයතනය ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් තාවකාළිකව තහනමට ලක් කර තිබියදී ඔහුගේ එම සහභාගිත්වය සිදුවීම කැපී පෙනේ. කෙසේවූවත් පාලිත ප්‍රනාන්දු මහතා ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා සමුළුවේ ශ්‍රී ලංකාවේ නිල නියෝජිතයා ලෙස නිර්දේශ වූයේ තහනමට කලින් පැවැති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා විධායක සභාවේ අනුමැතියෙනි.
ටෝකියෝ සමුළුව සදහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ හිටපු උප සභාපතිවරයෙකු වන. ජී. එල්.එස්. පෙරේරා මහතාද සහභාගි වේ.
පසුගිය අගෝස්තු 18 වැනිදා කැදවීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය (2025 -27) සම්බන්ධයෙන් පැන නැගුණු ආරවුල් තත්වයන් හමුවේ පසු ගිය අගෝස්තු 25 වැනිදා සිට මලල ක්‍රීඩා ආයතනයේ කටයුතු අත්හිටුවමින් එය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා භාරයට පත් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.