Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
අගෝස්තු 25 වැනිදා සිට ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට පනවා තිබෙන තහනම ලෝක මලල ක්‍රීඩා ආයතනයට නිල වශයෙන් දැනුම්දීමට එම ආයතනය කටයුතු කර තිබේ.
ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතන මූලස්ථානයේ කටයුතු වලින් ඊයේ (2) සිට ඉවත් වීමට එතෙක් එහි කටයුතු කරමින් සිටි විධායක සභාව පියවර ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් ලංකාදීප ය කළ විමසුමකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් ධූරයේ කටයුතු කළ සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසුවේ තහනමෙන් පසුවද මලල ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් දින කීපයක් ස්වෙච්ඡාවෙන් කටයුතු කළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇති විය හැකි අපහසුතා වැළක්වීම සදහා ආසන්නයේදී ශ්‍රී ලංකාව සහභාගි වන ලෝක ශූරතාවලිය ඇතුළුව ජාත්‍යන්තර තරගාවලි කීපයක පූර්ව සංවිධාන කටයුතු පිළියෙල කර දීම සදහා යයි පැවසීය.
ඒ අනුව ලබන සැප්තැම්බර් 13 වැනිදා ටෝකියෝ නුවරදී ඇරඹෙන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට හා ඔක්තෝබර් 22 වැනිදා බහරේන් රාජ්‍යයේදී ඇරඹෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් සූදානම් කර අවසන්ව ඇති බවත් ගුණවර්ධන මහතා පැවැසීය.
ඒ අතර ඉන්දියාවේ රංචි නුවරදී ලබන ඔක්තෝබර් 23 සිට 25 දක්වා පැවැත්වෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 65 කගෙන් සමන්විත නිර්දේෂිත ශ්‍රී ලංකා කණ්ඩායමක් රංචි නුවර තරග සංවිධායකයන් වෙත යොමු කිරීමටද ඊයේ සිට සේවයෙන් ඉවත්වූ මලල ක්‍රීඩා විධායක සභාව පියවර ගෙන තිබේ.
මේ අතර ලෝක මලල ක්‍රීඩා ආයතනයට මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ තහනම නිල වශයෙන් දැනුම්දීමෙන් පසුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උද්ගත විය හැකි තත්වයන් හා බලපෑම් පිළිබදව මේ වන දේශීය මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ කථාබහක් ඇතිවී තිබේ.මේ ආකාරයට 1994 දී එවකට ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සංගමයේ කටයුතු අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් තීරණය හමුවේ ලෝක මලල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාවට තහනමක් පැනවීය.
ඒ හේතුවෙන් එම වසරේදී බාසිලෝනා නුවරදී පැවැති ලෝක කනිිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය අත් හැරීමට සිදු විය.පසුගිය අගෝස්තු 25 වැනිදා දාතමින් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලියාපදිංචිය තාවකාළිකව අත්හිටුවමින් ගත් ක්‍රියාමාර්ගයෙන් පසුව පැන නැගුණු ක්‍රියාදාමයන් හා අගෝස්තු 18 වැනිදා එහි නිලවරණය පැවැත්වීමට කටයුතු යොදා ගෙන තිබියදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා (රාජකාරී ආවරණ) ලබා දුන් නියෝගයකින් එය කල් දැමීමට ගත් තීරණයෙන් පසුව පැන නැගුණු ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ලෝක මලල ක්‍රීඩා ආයතනයට යොමු කිරීමටද එහිදී මලල ක්‍රීඩා ආයතනය කටයුතු කර තිබේ.
ඒ පිළිබදව සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසුවේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා පරිපාලනයේ පැන නැගී තිබෙන වත්මන් අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ලෝක මලල ක්‍රීඩා ආයතනය දැනුවත් කිරීම එහි අරමුණ බවයි.
ඊයේ සිට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා මූලස්ථානයේ කටයුතු පවත්වා ගෙන යාම ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පවරා ගෙන තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.