Last Update  :  2026-03-31 13:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics රුමේෂ් වාර්තා පොත අලුත් කරයි

රුමේෂ් වාර්තා පොත අලුත් කරයි

editorial - 2026 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති ශූරයන්ගේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයකු විසින් මෙතෙක් වාර්තා කළ වැඩිම දුර වන මීටර 89.37 ක දක්ෂතාවක් දක්වමින් රුමේෂ් තරංග පතිරගේ හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව යළිත්  තහවුරු කර ගැනීමට සමත් විය.

වසර 2025 අගෝස්තු 10 වැනිදා ඉන්දියාවේ බුහුබනේෂ්වර් හිදී රුමේෂ් තරංග විසින්ම මීටර 86.50 කට පිහිටුවා තිබූ එහි මීට පෙර ශ්‍රී ලංකා වාර්තාව එහිදී බිද වැටුණි.23 හැවිරිදි රුමේෂ් තරංග පළ කළ මෙම සුවිශේෂී දක්ෂතාව මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ අලුත්ම සිදුවීම් රැසක් ඇති කිරීමට හේතුවී තිබේ.

 ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා දැනට නිකුත් කර ඇති ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සියලුම මලල ක්‍රීඩා ඉසව්වන්ගෙන් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් මෙතෙක් අත් කර ගත් ඉහළම ප්‍රසාද ලකුණු ගණනක් ලබා ගැනීමට දියගම පෙරේදා (28) දැක්වූ දස්කම හමුවේ රුමේෂ් තරංග සමත්ව තිබේ.

 එය මීට පෙර ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනේ ඉහළම ලකුණුලාභීන් බවට පත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන සුසන්‍තිකා ජයසිංහ (මීටර 200 - කාන්තා),සුගත් තිලකරත්න (මීටර 400 - පිරිමි) හා යුපුන් අබේකෝන් (මීටර 100 - පිරිමි) යන එම සියලුම ක්‍රීඩකයන් අභිබවා ගිය අවස්ථාවකි.

 ඒ අතර රුමේෂ් තරංග දියගමදී වාර්තා කළ මීටර 89.37 ක දක්ෂතාව සැලකීමේදී වසර 2000 සිට මේ දක්වා පැවැති ඔලිම්පික් උළෙල හයකදී ඔහුට ඉසව්වෙන් කුමන හෝ පදක්කමක් දිනා ගැනීමට එය ප්‍රමාණවත් වී තිබේ.2025 ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී ඔහු හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ අවසන් තරගයට නිර්දේශ ලබා ගැනීමට සමත් වෙමින් මීටර 84.38 කට එහි හත් වැනි ස්ථානය ලැබීය.

 මෙම වසරේදී පැවැත්වෙන ආචී ආසියානු ක්‍රීඩා උළෙල හා ග්ලාස්ගෝව් පොදු රද මඩුළු ක්‍රීඩා උළෙල රුමේෂ් ආසන්නයේදී සහභාගි වීමට නියමිත ප්‍රධානතම ජාත්‍යන්තර තරගාවලි දෙකකි.


අදහස් (0)

රුමේෂ් වාර්තා පොත අලුත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.