Last Update  :  2025-11-18 20:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නූතන පංච ප්‍රයාම ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

නූතන පංච ප්‍රයාම ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

editorial - 2025 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ජපානයේ අන්ජෝ නුවරදී සදුදා (10) ආරම්භ වූ ආසියානු නූතන පංච ප්‍රයාම තරගාවලියට (2025) ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගිවී සිටියි. එය ලබන ඉරිදා (16) දක්වා එහිදී පැවැත්වේ.

නූතන පංච ප්‍රයාම ජාතික ශූරයා (2025) වන ඉශ්වරුණ ද සිල්වා, ජාතික ශූරිය (2025) වන ගයානී දසනායක සහ අනුශූර දිල්රුක් ප්‍රසන්න යන  ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වදිති.

මෙවර තරගාවලියේ විශේෂ  වැදගත්කම වන්නේ එහි අති ශූරයන් හා අති ශූරියන් වසර 2026 සැප්තැම්බර් 19 වැනිදා ජපානයේ ආචි - නගෝයා නුවරදී ආරම්භ වන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට නිර්දේශ ලබන බැවිනි. කණ්ඩායම් කළමනාකරු හා පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනයේ තාක්ෂණ ප්‍රධානී උෂාන් කෝදාගොඩ මහතා ඊට සහභාගිවී සිටියි.

මේ අතර තරගාවලියට සමගාමිව අන්ජෝ නුවරදී පැවැත්වෙන නූතන පංච ප්‍රයාම ආසියානු සම්මේලනයේ සමුළුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනයේ සභාපති නිශාන්ත පියසේන මහතා සහභාගිවී සිටියි.

නූතන පංච ප්‍රයාම ක්‍රීඩා ඉසව්ව ධාවනය, බාධක තරණය, පිහිනීම, ඉලක්කයට වෙඩි තැබීම හා කඩු හරඹ යන අනු ඉසව් පහකින් සමන්විතය.

 

අන්ජෝ - ආසියානු නූතන පංච ප්‍රයාම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සමග...ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනයේ ලේකම් ආචාර්ය ප්‍රබෝද් මුණසිංහ මහතාද මෙහි වෙයි.


අදහස් (0)

නූතන පංච ප්‍රයාම ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.