Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නිලානි බාධක දිවීමේ 7 වැනි තැනට
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

නිලානි බාධක දිවීමේ 7 වැනි තැනට

editorial - 2022 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ඊයේ (5 වැනිදා) රාත්‍රියේ කාන්තා මීටර් 3000 බාධක දිවී‍මේ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක විනාඩි 10:00.34 ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ 7 වැනි ස්ථානයට පත් වූවාය.

කෙසේ වුවත් එහිදී ඇගේ හොඳම කාලය වාර්තා කිරීමට ඇය අසමත් වූ අතර මේ දක්වා මෙම ඉසව්ව සඳහා ඇගේ හොඳම කාලය ලෙස සටහන් වී ඇත්තේ විනාඩි 9:40.24 කි.

කාන්තා මීටර් 3000 බාධක දිවී‍මේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට විනාඩි 9:15.68 ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිටවූ කෙන්යාවේ ජැක්ලින් චෙප්කොච් සමත් වූවාය. එය ඇගේ හොඳම පෞද්ගලික දක්ෂතාවද විය.

එංගලන්තයේ එලිසබෙත් බර්ඩ් විනාඩි 9:17.79 ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ රිදී පදක්කමටද, උගන්ඩා‍වේ පෙරුත් චෙමුටායි විනාඩි 9:23.24 ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමටද හිමිකම් කීහ.


අදහස් (0)

නිලානි බාධක දිවීමේ 7 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.