Last Update  :  2025-11-27 21:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඩී.එස්. සේනානායක ආදී සිසුන්ගේ මලල ක්‍රීඩා සැණකෙළිය 29 දා

ඩී.එස්. සේනානායක ආදී සිසුන්ගේ මලල ක්‍රීඩා සැණකෙළිය 29 දා

editorial - 2025 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩී.එස්. සේනානායක විද්‍යාලයේ  ආදී  ශිෂ්‍ය සංගමය සහ එහි මලල ක්‍රීඩා සංවර්ධන පදනම විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ඩී.එස්. මලල ක්‍රීඩා සහය දිවීමේ සැණකෙළිය  මේ මස 29 වැනිදා (සෙනසුරාදා) විද්‍යාලීය නව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලිය එදින පෙ.ව. 7.00 ට ආරම්භ කෙරේ.

මෙම ක්‍රීඩා උළෙලේදි  ඩී.එස්. සේනානායක ආදි සිසුහු විවිධ වයස් කාණ්ඩ  නියෝජනය කරමින් තරග වදිති. ඊට සහාය දිවීමේ තරග රැසක් ද ඇතුළත් වෙයි.  “ඩී.එස්. මලල ක්‍රීඩා සහය දිවීමේ සැණකෙළියේ මූලික අරමුණ වන්නේ ආදි සිසුන් අතර සහෝදරත්වය, කණ්ඩායම් හැඟීම සහ එකමුතුකම ගොඩනැගීමයි.

මෙම මලල ක්‍රීඩා තරගාවලිය පාසලේ ක්‍රීඩා දින දර්ශනයේ දිගු කලක් තිස්සේ පැවති හිදැසක් පුරවන බව ද එහි සංවිධායකයෝ කියති. මෙම මලල ක්‍රීඩා සැණකෙළියට අතීත සහ වර්තමාන සිසුන්ගෙන් සැලකිය යුතු සහභාගීත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

- 213 


අදහස් (0)

ඩී.එස්. සේනානායක ආදී සිසුන්ගේ මලල ක්‍රීඩා සැණකෙළිය 29 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.