Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ගයන්තිකාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ගයන්තිකාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

editorial - 2022 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍යය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරන්ත එහිදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුවද, ඇයට එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූවාය.

මූලික වටයේ දෙවැනි තරගයට සහභාගි වූ ගයන්තිකා විනාඩි 2:01.20 ක කාලයක් වාර්තා කරමින් එහි 5 වැනි ස්ථානයට පත්වූවාය. මූලික වටය අවසානයේ ක්‍රීඩිකාවන් 18 දෙනකු අතරින් ඇයට 13 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවූවාය.

මින් පෙර මීටර් 800 ඉසව්ව සඳහා ගයන්තිකාගේ පෞද්ගලික හොඳම කාලය මෙන්ම එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ලෙසද සටහන් වී තිබුණේ විනාඩි 2:01.44 කි. මෙම මස 5 වැනිදා ඇය යළිත් මීටර් 1500 කාන්තා ඉසව්වේ මූලික වටයේදී තරග බිමට පිවිසීමට සූදානමින් සිටින්නීය.

 


අදහස් (0)

ගයන්තිකාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.