
(ටී.කේ.ජී.කපිල )
23 වන ආසියානූ ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ථ තරගාවලියේ පදක්කම් 139 ක් දිනා ගෙන අනු ශූරතාවය ද හිමි කර ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල් 22 ක තරගකරුවන් 4,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් 5 වැනිදා සිට 9 වැනිදා දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී පවත්වා තිබුණි .
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 35 සිට අවුරුදු 90 දක්වා වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 224 දෙනෙකු සහභාගී වූ අතර , ඔවුන් රන් පදක්කම් 40 ක් , රිදී පදක්කම් 54 ක් සහ ලෝකඩ පදක්කම් 45 ක් දිනා ගැනීමට සමත් වී සිටියහ
ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කණ්ඩායම් වශයෙන් 11/10 දින රාත්‍රී ගුවන් යානා කීපයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.