Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව 2022 Asian Games නදීෂාට පස්වැනි තැන
ආසියානු ක්‍රීඩා

නදීෂාට පස්වැනි තැන

editorial - 2023 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වසර 17 කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩාවෙන් පදක්කමක් දිනාගත හැකිව තිබූ තවත් අවස්ථාවක් අද (30 වැනිදා) පස්වරුවේදී අහිමි විය. ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 කාන්තා ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා සිටි නදීෂා රාමනායක එම ඉසව්වේ පස්වැනි ස්ථානයට පත්වූවාය. ඇයගේ තරග කාලය තත්පර 53.72 කි. 

ආසියානු වාර්තාවට (තත් 48.14) මෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලේ වාර්තාවටද (තත් 50.09) හිමිකම් කියන බහරේනයේ නසාර් සල්වා ඊද් නසාර් (තත් 50.92) දෙවැනි තැනට ඇද දමමින්, බහරේනයේම කෙමි අදෙකෝයා (තත් 50.66) මීටර 400 ඉසව්වේ රන් පදක්කම දිනාගත්තාය. 2014 ඉංචියොන් ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 400 සහ මීටර 400 කඩුලු පැන දිවීම යන ඉසව් දෙකේදීම රන් පදක්කම් දිනාගත් කෙමී 2016 රියෝ ද ජනෙයිරෝ ඔලිම්පික් උළෙලේදී මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයටත් තේරුණු ක්‍රීඩිකාවකි. 

මීටර 400 කාන්තා ඉසව්වේ ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 101 හිමි නදීෂා රාමනායකගේ හොඳම තරග නිමි කාලය තත්පර 52.61 කි. එහෙත් අද තරගයේදී ඇයගේ තරග කාලය තත්පර 53.72 ක් විය. 

වසර 2006 න් මෙපිට ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් ආසියානු ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩාවෙන් පදක්කමක් දිනා නැත. 2006 දී මීටර 100 සහ 200 ඉසව්වලින් සුසන්තිකා ජයසිංහ රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් අතර මීටර 400x4 ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමද ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබේ. 


අදහස් (0)

නදීෂාට පස්වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.