Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව 2022 Asian Games අරුණ - කාලිංග දෙදෙනාගේම අවස්ථා ගිළිහෙයි
ආසියානු ක්‍රීඩා

අරුණ - කාලිංග දෙදෙනාගේම අවස්ථා ගිළිහෙයි

editorial - 2023 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වසර 17 කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩාවෙන් පදක්කමක් දිනාගත හැකිව තිබූ අවස්ථාවක් අද (30 වැනිදා) පස්වරුවේදී අහිමි විය. ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෝ දෙදෙනා වන අරුණ දර්ශන සහ කාලිංග කුමාරගේ පිළිවෙලින් 6 සහ 7 වැනි ස්ථාන වලට පත්වූහ. 

ආසියානු වාර්තාවට (තත් 43.93) මෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලේ වාර්තාවටද (තත් 44.46) හිමිකම් කියන සෞදි අරාබියේ මස්රාහි යූසුෆ් අහමඞ් තත්පර 45.55 ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේය. වසර 2014 සිටම මීටර 400 ඉසව්වෙන් ආසියානු ක්‍රීඩා උළෙලට තරග කරන මස්රාහි අහමඞ්, 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී අවසන් පූර්ව වටයත් නියෝජනය කළ ක්‍රීඩකයෙකි. 

ලෝක ශ්‍රේණිගත කිරීම් අතර 54 වැනි ස්ථානයේ සිටින අරුණ දර්ශනගේ හොඳම තරග කාලය තත්පර 45.45 කි. එහෙත් අද පැවැති ආසියානු ක්‍රීඩා අවසන් තරගයේදී ඔහුගේ තරග කාලය වූයේ තත්පර 46.09 කි. අරුණ දර්ශන 2018 ජකර්තා ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 400 ඉසව්වෙන් 4 වැනි ස්ථානයට පත්වූ ක්‍රීඩකයායි. 

ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 129 වැනි ස්ථානයේ සිටින කාලිංග කුමාරගේගේ හොඳම තරග කාලය වන්නේ තත්පර 45.07 කි. එහෙත් අද පැවැති ආසියානු ක්‍රීඩා අවසන් තරගයේදී ඔහුගේ තරග කාලය තත්පර 46.22 ක් ලෙසින් සටහන් විය. 


අදහස් (0)

අරුණ - කාලිංග දෙදෙනාගේම අවස්ථා ගිළිහෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.