Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකා - හොං කොං තරගය හෙට

ශ්‍රී ලංකා - හොං කොං තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මියන්මාරයේ තායි-ෆෙයි-තාව් හිදී රටවල් 12ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු වයස 19න් පහළ යොවුන් වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව හෙට (1) හොං කොං රාජ්‍යයට එරෙහිව ශ්‍රේණිගත කිරීමේ තරග වටයට සහභාගි වීමට නියමිතය.

මූලික වටයේ දෙවැනි තරගයට ඊයේ (30) සහභාගිවූ ශ්‍රී ලංකාව එහිදී ජපානය හමුවේ වට 3-0 ක පරාජයක් ලැබීමත් සමග අර්ධ අවසන් වටයට පිවිසීමේ ඔවුන්ගේ අපේක්ෂා බිඳ වැටුණි. ඒ වට 3-0ක් (ලකුණු 25/14, 25/21, 25/17ක්) ලෙස පරාජයට පත්වෙමිනි.

ශ්‍රී ලංකාව මූලික වටයේ සහභාගි වූ පළමු තරගයෙන් ද වට 3-0 ක පරාජයක් ලැබුවේ සත්කාරක මියන්මාරයට එරෙහිව තරග වදිමිනි.

ශ්‍රේණිගත කිරීමේ තරග වටයට අද සිට තරග වදින ශ්‍රී ලංකාව, බංගලාදේශය හා හොංකොං රාජ්‍යය අතර තරගයේ ජයග්‍රාහකයා සමග 3 වැනිදා ශ්‍රේණිගත කිරීමේ තවත් තරගයකට සහභාගී වේ.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව අද තරගයෙන් ජය ලබා අනිද්දා පැවැත්වෙන තරගයද ජය ගතහොත් ඔවුන් තරගාවලියේ නවවැනි ස්ථානය ලැබීමේ අවස්ථාව හිමිවේ. එම තරග දෙකම පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් (12 වැනි) ස්ථානයට පත්වීමට සිදුවනු ඇත.

තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන අඟහරුවාදා (4) පැවැත්වෙන අතර අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන බදාදා (5) ය. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලබන අඟහරුවාදා තරග සංචාරය නිමවා දිවයිනට පැමිණීමට නියමිතය.

මෙම තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ක්‍රීඩා අමාත්‍යංශයේ ද සහයෝගයෙන් රුපියල් මිලියන හයකට ආසන්න මුදලක් වැය කළේය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා - හොං කොං තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.