Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball පාගමනට ජනපතිත් එයි

පාගමනට ජනපතිත් එයි

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තහනම් උත්තේජක නිවාරණය කිරිමේ ශී‍්‍ර ලංකා නියෝජිත ආයතනය විසින් සංවිධානය කරනු ලබන පා ගමනක් අද (21 වැනිදා) කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ නව කලා භවන අසළින් ආරම්භ වේ. මෙම සුවිශේෂී පාගමනට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් එක්වීමට නියමිතය.

කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ නව කලා භවන අසළ සිට නෙලූම් පොකුණ මංසන්ධියෙන් නිදහස් මාවතට අවතීර්ණ වී නිදහස් චතුරස‍්‍රය දක්වා පැමිණීමෙන් පාගමන අවසන් වේ.

වර්තමානයේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රය තුළ බලවත් උවදුරක් බවට පත්ව ඇති තහනම් උත්තේජක භාවිතය කී‍්‍රඩා පිටියෙන් ඉවත් කර, නිවැරදි ක‍්‍රමවේදයක් ඔස්සේ කී‍්‍රඩා කිරීමේ වැදගත්කම විදහා දැක්වීම මෙම පාගමනේ අරමුණ වේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට අමතරව, අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ කී‍්‍රඩා ඇමති දයාසිරි ජයසේකර යන මහත්වරුන්ද, තවත් මැති ඇමතිවරුන් මෙන්ම ප‍්‍රභූවරුන් රැසක්ද මෙම පා ගමනට එක්වීමට නියමිතය.

සියලූම කී‍්‍රඩා සංගම් නියෝජිතයන්, ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන්, ති‍්‍රවිධ හමුදාව, පොලිසිය, තරුණ සේවා සභාව, ජාතික පැරා ඔලිම්පික් කමිටුව, විශ්ව විද්‍යාල සහ පාසල් ආදී ආයතන රැසක් නියෝජනය කරමින් 1500 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.


- 036


අදහස් (0)

පාගමනට ජනපතිත් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.