Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික තරුණ සේවා සභාව මෙහෙයවන 33 වැනි තරුණ සේවා - සුපිරි ලීග වොලිබෝල් තරගාවලිය මෙම 13 වැනිදා මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී ආරම්භ වේ. එහි මූලික තරග වටය මෙම 20 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා පිරිමි කණ්ඩායම් හයක් හා කාන්තා කණ්ඩායම් 5 ක් තරග වදියි.
දිවයිනේ නමගිය කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් ගණනාවක්ම ඒ අතර සිටින බව ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්‍ෂ (ක්‍රීඩා) ධර්මසේන උක්වත්ත මහතා පවසයි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සහයෝගයෙන් තරගාවලිය මෙවරත් සංවිධානය කෙරේ.
තරගාවලියේ අවසන් මහා තරගය ජූලි 22 වැනිදා මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේ දී පැවැත්වීමට දැනට සැළසුම් කර ඇතැයි තරුණ සේවා සභාවේ ප්‍රචාරක නිලධාරි අනිල් සිරිවර්ධන මහතා “ලංකාදීප” ය කළ විමසුමක දී පැවසීය.
තරුණ සේවා රූපවාහිනී සුපිරි ලීග ජාතික තරග වටයට සහභාගී වන කණ්ඩායම්:-
පිරිමි කණ්ඩායම්
තරුණ සේවා, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, විදුලිබල මණ්ඩලය, බ්‍රැන්ඩෙක්ස්
කාන්තා කණ්ඩායම්
තරුණ සේවා, මාස් කැෂුවලයින්, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.