Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball අවිස්සාවේල්ලේ වොලිබෝල් කණ්ඩායම්වල තොරතුරු ඉල්ලයි

අවිස්සාවේල්ලේ වොලිබෝල් කණ්ඩායම්වල තොරතුරු ඉල්ලයි

editorial - 2020 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවිස්සාවේල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වොලිබෝල් ක්‍රීඩා සමාජ හා කණ්ඩායම් සඳහා ආධාර දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ජාතික වොල්බෝල් කණ්ඩායමේ හිටපු නායකයකු වන කාලික වසන්තප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාවට නැඟේ. මෙම වැඩසටහනෙන් අවිස්සාවේල්ල ආසනයේ වොලිබෝල් ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා භාණ්ඩ පුහුණු වැඩමුළු හා තරගාවලි සංවිධානය කෙරෙන බව කාලික වසන්තප්‍රිය මහතා පවසයි.

ඒ සඳහා ලියාපදිංචිය අත්‍යාවශ්‍ය වන අතර මෙම වැඩසටහන අවිස්සාවේල්ල ආසනයේ පාසල් හා ක්‍රීඩා සමාජ කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් ඉලක්ක කරමින් ක්‍රියාවට නැගීමට තීරණය වී තිබේ.

ක්‍රීඩා සමාජ හා කණ්ඩායම් ලියාපදිංචිය සඳහා කාලික වසන්තප්‍රිය මහතා, සේනානි, බෝපේ, පාදුක්ක යන ලිපිනයට ​තොරතුරු යොමු කළ යුතුය. නැතහොත් දුරකතන අංක  0775-704745 ඔස්සේ කාලික වසන්තප්‍රිය මහතා ඇමතිය යුතුය.


අදහස් (0)

අවිස්සාවේල්ලේ වොලිබෝල් කණ්ඩායම්වල තොරතුරු ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.