Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පිටත්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පිටත්වෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මියන්මාරයේ තයි-ෆෙයි-තෝ නගරයේ දී ලබන සඳුදා (30) ආරම්භ වන ආසියනු ක්‍රීඩා සමාජ වොලිබෝල් (පිරිමි) තරගාවලියට සහභාගි වන චාමර මිහිරාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජ කණ්ඩායම හෙට (26) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් බහුතරයකගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජ කණ්ඩායම එහිදී මූලික වටයේදී ‘සී’ කාණ්ඩයේ තරග වදී. මෙම තරගාවලිය අගෝස්තු 6 වැනිදා දක්වා පැවැත්වේ. ‘සී’ කාණ්ඩයෙන් ඕස්ටේ්‍රලියාව, තායිලන්තය හා හොං කොං යන රටවල්ද තරග වදින අතර එහිදී වැඩිම ප්‍රසාද ලකුණු ලාභීන් බවට පත්වන කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනී.

පසුගිය මාර්තු මාර්ගයේ සිට ශ්‍රී ලංකාවේ සේවය කරන සර්බියානු ජාතික වොලිබෝල් පුහුණුකරු ඩෙජාන් ඩුලිසිවික් මහතා පළමු වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමක් සමග ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වී සිටී.

ඩෙජාන් මහතා ශ්‍රී ලංකාව කැඳවා ඇත්තේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙ පළමු වැනි ආසියානු අභියෝග ශූරතා තරගවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම ඉලක්ක කරමිනි.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තෝරාගනු ලබන ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩකයන් බහුතරයක් ආසියානු ක්‍රීඩා සමාජ තරගාවලියට සහභාගි වන කණ්ඩායමෙන් තෝරා ගැනීමට නියමතය. මේ දිනවල බහරේන් නුවර දී පැවැත්වෙන 19 වැනි ආසියානු වයස 20න් පහළ (පිරිමි) තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමෙන්ද ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩකයන් දෙදෙනකු නිර්දේශ කෙරෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.


ආසියානු ක්‍රීඩා සමාජ තරගාවලියට යන කණ්ඩායම
චාමර මිහිරාන් (නායක), වසන්ත ලක්මාල්, ෂමිල මලින්ද සිල්වා (යුද හමුදා), ජනිත් සුරන්, නෙත්මල් වසන්තප්‍රිය, ෂැනොත් විමුක්ති සාගර (වරාය අධිකාරිය), දීප්ති රණවක, ගයාන් මධුශංක, ඩබ්. ලක්මාල්, අයේෂ් දිල්හාන් පෙරේරා, කසුන් චතුරංග ප්‍රනාන්දු (විදුලිබල මණ්ඩලය), රසන්ත සුදසිංහ, ධනුෂ්ක දිල්ෂාන් ප්‍රනාන්දු (ගුවන් හමුදාව), මලිත දිනිදු චාමර (සී.සී.එල්.)

නිලධාරියෝ
ප්‍රධාන පුහුණුකරු ඩෙජාන් ඩුලිසිවික්, සහය පුහුණුකරු චාල්ස් තිලකරත්න, අනුශාසක: නලින් සම්පත් අබේසිංහ, කළමනාකරු: රොහාන් පතිරගේ යන මහත්වරු


ශ්‍රී ලංකාව සහභාගි වන තරගාවලියේ මූලික වටයේ තරග
■    ජුලි 30 - ඕස්ටේ්‍රලියාව ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිව
■    ජූලි 31 හොංකොං ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිව
■    අගෝස්තු 01 - ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිව


අගෝස්තු 3 වැනිදා සිට 6 වැනිදා දක්වා ශ්‍රේණිගත හා අවසන් වටයේ තරග පැවැත්වේ. අවසන් මහ තරගය අගෝස්තු 6 වැනි දා පැවැත්වේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පිටත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.