Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ඩී.එස්. - මහානාම අ. පූර්ව තරගය හෙට

ඩී.එස්. - මහානාම අ. පූර්ව තරගය හෙට

ශානුක අරවින්ද - 2019 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර හෙට (16 වැනිදා) කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී ඩී.එස්. සේනානායක විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස මනේන්ද්‍ර ජයතිලක කටයුතු කරන අතර මහානාම විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස පවන් රත්නායක කටයුතු කරයි.  

කොළඹ නාලන්දා විදුහල පරාජය කරමින් ඩී.එස්. සේනානායක විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර මහානාම විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තෙ කොළඹ රාජකීය විදුහල පරාජය කරමිනි.
මූලික වටයේදී සහ දෙවැනි වටයේදී කාණ්ඩ අනු ශූරයන් බවට පත්වෙමින් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ඩී.එස්. සේනානායක විදුහල, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ එහිදී මහනුවර ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරමිනි.

මූලික වටයේදී කාණ්ඩ ශූරයන් බවට පත් වූ මහානාම විදුහල, දෙවැනි වටයේදී කාණ්ඩ අනු ශූරයන් බවට පත්වූ අතර පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කඳාන ද මැසිනොද් විදුහල පරාජය කරමින් ඔවුහු අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියහ.


මහානාම විදුහල් සංචිතය
පවන් රත්නායක (නායක), විනුක රූබසිංහ, සචිර වැලිවත්ත, පුල්ෂාන් රෝහණ, සදිෂාන් චමෝද්‍ය, අචින්ත සුපුන්, චමත් චමුපති, අනුග බෙනරගම, දෙවිඳු කැකිරිදෙණිය, කවිෂ් දිසානායක, සෙතුම් කෙනුල, නිහිඳු පෙරේරා, හර්ෂ සූරියාරච්චි, ඩිලාන් තාරක, ප්‍රෂාන් අරුනොද්, ඉසුක අමනෙත්, කැළුම් ගංගොඩවිල මහතා (පුහුණුකරු), දුල්ෂාන් ඇල්වලගේ මහතා (සහාය පුහුණුකරු), සිදත් වරකාපිටිය මහතා (ක්‍රීඩා භාර ආචාර්ය)


ඩී.එස්. සේනානායක විදුහල් සංචිතය
මනේන්ද්‍ර ජයතිලක (නායක), ප්‍රමුදිත පෙරේරා (උප නායක), අමිතත දාබරේ, අභිෂේක් ලිනාරච්චි, විනුක ද සිල්වා, තිවිරු ගුණවර්ධන, පසිඳු දෙනිපිටිය, විෂ්ව තිවංක, ලෙෂාන් ගුණරත්න, බිනුර ලොකුපිටිය, ශනිරු දිසානායක, භූෂික පෙරේරා, තමිඳු ධනංජය, දිනුර මිනිපුර, ෂෙනුර සිල්වා, ලූක් පෙරේරා, නිෂාන්ත හෙන්නායක මහතා (පුහුණුකරු), මොහොමඞ් අසාර් මහතා (සහාය පුහුණුකරු), වසන්ත කළිකොටුව මහතා (ක්‍රීඩා භාර ආචාර්ය)  

 


අදහස් (0)

ඩී.එස්. - මහානාම අ. පූර්ව තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.