
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.
එහිදී යෙවන් හුලංගමුව (80) සහ විදුක දම්මගේ (71) ත්‍රිත්ව විදුහල වෙනුවෙන්ද, අකලංක ප්‍රනාන්දු (නොදැවී 59) මාරිස්ටෙලා විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ ත්‍රිත්ව විදුහලේ විහන් මුදුන්කොටුව ලකුණු 22 කට කඩුලු 6 ක් දවාගනිමින් මාරිස්ටෙලා විදුහලේ පිතිකරුවන් අසරණ කළේය.
ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 51.2 කදී කඩුලු 6 ක් දැවී 238
(යෙවන් හුලංගමුව 80, විදුක දම්මගේ 71, රහල් අමරසිංහ 29, රෂ්මික ඇහැළියපොල 20, චමත් ගෝමස් 28/3, රයන් පුංචිහේවා 71/2)
මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 55.2 කදී සියලු දෙනා දැවී 155
(අකලංක ප්‍රනාන්දු නොදැවී 59, නවිඳු විජේසූරිය 32, විහන් මුදුන්කොටුව 22/6, තේමිය බණ්ඩාර 08/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.