Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ඉනිමට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා ඉනිමට වර්ෂාවෙන් බාධා

editorial - 2019 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ධනංජය ද සිල්වාගේ (නොදැවී 72) ඉවසිලිවන්ත පිතිහරඹය හමුවේ පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (12 වැනිදා) සවස මන්දාලෝකය නිසා ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 263 ක් ලබා සිටියේය.

සිය හයවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ධනංජය ද සිල්වා තරගය නතර කරන විට නොදැවී ලකුණු 72 ක් රැස්කරමින් එක් අන්තයක රැඳී සිටින අතර ඩිල්රුවන් පෙරේරා ලකුණු 2 ක් ලබාගනිමින් අනෙක් අන්තයේ රැඳී සිටියි.

ඊයේ (11 වැනිදා) දිනයේදී තරගය කළින් අවසන් කිරීමට සිදුවීම නිසා මිනිත්තු 30 ක් වේලාසනින් අද තරගය ආරම්භ කළද ඕවර 7.5 ක් අවසානයේ ක්‍රීඩාංගණයට වර්ෂාව පතිතවීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය. වර්ෂාව හේතුවෙන් තරගය නැවත ආරම්භ කිරීම සඳහා ක්‍රීඩකයින්ට පැය තුන හමාරක පමණ කාලයක් බලා සිටීමට සිදුවූහ.

පස්වරු 1.45 ට පමණ තරගය ආරම්භ කිරීමට විනිසුරුවන් තීරණය කළද තරගය පැවැත්වීමට හැකි වූයේ තවත් මිනිත්තු 48 ක් පමණි. නැවතත් පස්වරු 2.30 ට පමණ මන්දාලෝකය නිසා ක්‍රීඩාව නතර කිරීමට සිදුවිය. ඒ වන විට පාකිස්තාන පන්දු යවන්නන්ට යැවීමට හැකි වූයේ ඕවර ඕවර 10.3 ක් පමණි. අද දිනයේදී ඕවර 98 ක් යැවීමට නියමිතව තිබුණද යැවීමට හැකි වූයේ ඕවර 18.2 ක් බැවින් ඕවර 79.4 ක් අපතේ ගියේය.

තරගයේ පළමු දිනය වූ ඊයේ තරගය අවසන් කරන විට කඩුලු 5 කට ලකුණු 202 ක් රැස්කර ගෙන සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ අද දිනයේදී එක් කඩුල්ලක් අහිමිකර ගනිමින් සිය පළමු ඉනිමට තවත් ලකුණු 61 ක් ලකුණු එක්කර ගැනීමට සමත් වූහ.

ලකුණු 33 ක් රැස්කර සිටි නිරෝෂන් දික්වැල්ල දවාගත් ෂහීන් අෆ්රිඩි අද දින දැවී ගිය එකම කඩුල්ලට හිමිකම් කීවේය. බාබර් අසාම් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට සිය ඉනිමට හතරේ පහර 4 ක් එක්කර ගෙන සිටි දික්වැල්ල, පන්දු 63 ක් පුරා කඩුල්ලේ රැඳී සිටියේය. ධනංජය ද සිල්වා සමගින් එක්ව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 67 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද දික්වැල්ල සමත්විය.

...


අදහස් (0)

ශ්‍රී ලංකා ඉනිමට වර්ෂාවෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.