Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොලිසිය පස්සෙන් ඇවිත් නාවිකයන්ට තලති

පොලිසිය පස්සෙන් ඇවිත් නාවිකයන්ට තලති

editorial - 2019 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ තුන්වැනි සති අන්තයේදී නාවික හමුදා පිල පරදවා ලකුණු 26-18 ක පහසු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම ඊයේ (13 වැනිදා) සමත් විය. වැලිසර නාවික හමුදා පිටියේදී පැවැති මෙම තරගයේදී පොලිස් ක්‍රීඩකයෝ ගෝල දිනුම් 3 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගත් අතර නාවික හමුදාවට ලබාගත හැකිවූයේ ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර දෙකක් පමණි.

පොලිස් පිල සම්පූර්ණ තරගය ජයගත් නමුත් විවේක කාලයේදී ලකුණු 08-07 ක් ලෙසින් නාවිකයෝ ඉදිරියෙන් සිටියහ. එහෙත් විවේකයෙන් පසුව ඉතා වේගවත් ක්‍රීඩාවකට අවතීර්ණ වූ පොලිස් ක්‍රීඩකයෝ විවේකයෙන් පසුව ලකුණු 19 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගත්හ.

මෙවර තරගාවලියේ තරග 3 කින් පොලිස් පිල ලබාගත් දෙවැනි ජයග්‍රහණය මෙයයි. එහෙත් නාවිකයෝ තවමත් ජයග්‍රහණයක් සොයමින් සිටිති.

..

- 100


අදහස් (0)

පොලිසිය පස්සෙන් ඇවිත් නාවිකයන්ට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.