Last Update  :  2024-03-28 13:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව පියවරක් ඉහළට

ශ්‍රී ලංකාව පියවරක් ඉහළට

editorial - 2019 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ නවතම විස්සයි20 ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්වී ඇත. ඒ පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේදී ලද 3-0 ක තරගාවලි ජයත් සමගිනි.

පාකිස්තානයේ සංචාරය කිරීමට පෙර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 229 ක් ලබාගනිමින් ශ්‍රේණිගත කිරීම්හී 8 වැනි ස්ථානයේ පසුවූ අතර 3-0 ක තරගාවලි ජයක් ලැබීමත් සමගින් ඔවුන්ට ප්‍රසාද ලකුණු 12 ක් එක්විය. ඒ අනුව ප්‍රසාද ලකුණු 235 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ සිටි ඇෆ්ඝනිස්තානය පසු පසට ඇද දැමූ ශ්‍රී ලංකා ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානය හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකාව පාකිස්තානයේ සංචාරයට පෙර ප්‍රසාද ලකුණු 283 ක් ලබා විස්සයි-20 ශ්‍රේණිගත ලයිස්තුවේ පෙරමුණේ රැඳී සිටි පාකිස්තානය තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු 9 ක් අහිමිකර ගත්තද තවදුරටත් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ රැකගැනීමට සමත්විය.

 

...


අදහස් (3)

ශ්‍රී ලංකාව පියවරක් ඉහළට
  • Lahiru Wednesday, 16 October 2019 12:42 PM

    නියමයි.

    Reply 0       0

    උපුල Wednesday, 16 October 2019 05:05 PM

    ලොකුයි කියලා කියන කට්ටිය කාපු දේ පොඩි කට්ටිය ගිහින් සටන් කරලා ඇෆ්ගනිස්තානයට වඩා ඉහලින් ඉන්න අපට ලබා දුන්නු ගෞරවයට හද පිරි ප්‍රණාමය!

    Reply 0       0

    උපුල Wednesday, 16 October 2019 05:05 PM

    ලොකු කියලා කියන කට්ටිය කාපු කට්ට පොඩි කට්ටිය ගිහින් සටන් කරලා ඇෆ්ගනිස්තානයට වඩා ඉහලින් ඉන්න අපට ලබාදුන්නු ගෞරවයට හද පිරි ප්‍රණාමය.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.