Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෙල්ටරි බොටාස් වැඩ අල්ලයි

වෙල්ටරි බොටාස් වැඩ අල්ලයි

editorial - 2020 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරේ (2020) ෆෝමියුලා-I තරග සමය ආරම්භ කරමින් ඔස්ට්‍රියාවේ ස්පිල්බර්ග් ධාවන පථයේදී ඉකුත් ඉරිදා (5 වැනිදා) පැවැති ඔස්ට්‍රියානු ගෝන් ප්‍රී තරගයෙන් ජය ලැබීමට මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරන වෙල්ටරි බොටාස් සමත් විය. ෆින්ලන්ත ජාතිකයකු වන බොටාස්ට, වට 71 කින් සමන්විත වූ සමස්ත තරග නිමා කිරීම සඳහා ගතවූ කාලය පැය 1 යි, විනාඩි 30 තත්පර 55.739 කි.

මෙම තරග ජයගැනීමත් සමග ප්‍රසාද ලකුණු 25 ක් ලබාගනිමින් ලකුණු සටහනේ පෙරමුණ අත්කර ගැනීමටද බොටස්ට හැකි විය. පසුගිය මාර්තු මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබූ 2020 ෆෝමියුලා තරග මාලාව කොවිඩ් -19 වයිරසයේ බලපෑම නිසා කල්දැමීමට සිදුවිය. මෙම තරගය පැවැතියේද නරඹන්නන්ගෙන් තොරවය.

සුදුසුකම් ලැබීමේ අදියරේ එක් වටයක් නිමා කිරීම සඳහා විනාඩි 1 යි තත්ත්පර 02.939 ක අවම කාලයක් වාර්තා කරමින් ගොන් ප්‍රී තරගයේ ඉදිරිපෙළ ආරම්භක ස්ථානය හිමිකරගත් බොටස්ට තරගය තුළදී වටයක් නිමා කිරීමට සඳහා ගත වූ අවම කාලය විනාඩි 1:07.657 කි.

මර්සිඩීස් කණ්ඩයමේ ලුවිස් හැමිල්ටන්ට පමණක් දෙවැනි වෙමින් පුහුණු අදියර තුන නිමා කළ බොටස් සුදුසුකම් ලැබීමේ අදියරේදී හැමිල්ටන් දෙවැනි ස්ථානය දක්වා ඇද දැමීමට සමත් විය. ඒ අනුව පුහුණු අදියරවලදී ඉදිරියෙන්ම සිටි හැමිල්ටන්ට දෙවැනි ස්ථානයේ සිට ගෝන් ප්‍රී තරගය ආරම්භ කිරීමට සිදුවිය.

බොටාස්ට වඩා තත්පර 2.7 ක් පසුපසින් තරගය නිමා කළ ෆොරාරි කණ්ඩායමේ චාල්ස් ලෙස්ලර්ක් එහි දෙවැනි ස්ථානය හිමිකර ගනිද්දී මැක්ලරන් කණ්ඩායමේ ලැන්ඩෝ නොරිස් තෙවැනි ස්ථානයට පත්වූයේ බොටාස්ට වඩා තත්පර 5.491 ක් පසුපසින් තරගය නිමා කරමිනි. ඔවුන් දෙදෙනාට පිළිවෙලින් ලකුණු 18 ක් සහ 16 ක් බැගින් හිමිවිය.

මෙම තරගය ජයගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටි ලෝක ශූරයන් වන ලුවිස් හැමිල්ටන්ට සහ සෙබස්තියන් වෙට්ල්ට (ෆෙරාරි කණ්ඩායම) එහිදී සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි වූහ.

බොටාස්ට වඩා තත්පර 5.689 ක් පසුපසින් තරගය නිමා කළ හැමිල්ටන් එහි සිවුවැනි ස්ථනයට පතවෙද්දී, බොටාස්ට වඩා තත්පර 24.454 ක් පසුපසින් තරගය නිමා කළ වෙටල්ට එහි 10 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.


තරග ප්‍රතිඵල
1 වෙල්ටරි බොටස් (මර්සිඩීස්) - පැය 1:30:55.739
2 චාල්ස් ලික්ලර්ක් (ෆෙරාරි) - පැය 1:30:58.439
3 ලැන්ඩෝ නොරිස් (මැක්ලරන්) - පැය 1:31:01.23
4 ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්) - පැය 1:31:01.428
5 කාර්ලෝස් සේන් (මැක්ලරන්) - පැය 1:31:04.642
6 සර්ජියෝ පෙරේස් (රේසිං පොයින්ට්) - පැය 1:31:10.831
7 පියරේ ගස්ලි (ඇල්ෆා ටවුරි) - පැය 1:31:12.421
8 එස්ටෙබන් ඔකෝන් (රෙනෝල්ට්) - පැය 1:31:13.195
9 ඇන්ටෝනියෝ ජියෝවින්සි (ඇල්ෆා රොමියෝ රේසිං) - පැය 1:31:16.885
10 සෙබස්තියන් වෙට්ල් (ෆෙරාරි) - පැය 1:31:20.284

-036


අදහස් (0)

වෙල්ටරි බොටාස් වැඩ අල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.