Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නැගී එන කණ්ඩායමේ පුහුණුකරු තනතුර වාස්ට

නැගී එන කණ්ඩායමේ පුහුණුකරු තනතුර වාස්ට

රොෂාන් ගුණරත්න - 2019 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 

වයස 19 න් පහළ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ වාස් මහතා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස උසස් කර ඇත්තේ නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම් කර සිටි අවිෂ්ක ගුණවර්ධන මහතා එම තනතුරෙන් ඉවත් කිරීමෙන් අනතුරුවය. 

“නව තනතුරේ ඔහු ඉතා හොඳ වැඩ කොටසක් ඉටු කරාවි. ඔහුට ඒ ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. ප්‍රධාන පුහුණුකරුවා තේරීමේදි අපි වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ පිතිකරුවන් ගැන. නමුත් වාස් ප්‍රධාන පෙළේ පන්දු යවන්නෙක් නිසා ඔහු එම තනතුරට ගැලපෙනවා කියලා අපි හිතනවා.” යැයි වාස්ගේ උසස් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ගුණවර්ධන මහතා මෑතකදී නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර දක්වා තත්වයෙන් පහත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ බවට අන්තර් ජාතික ක්‍රිකට් සභාව ගුණවර්ධන මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමත් සමග නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන්ද ඔහු නෙරපා හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. 

ගුණවර්ධන මහතාට අමතරව හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයකු වූ නුවන් සොයිසාට සහ තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිවද දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ බවට අන්තර් ජාතික ක්‍රිකට් සභාව චෝදනා ගොනු කර තිබේ. 

-036 


අදහස් (0)

නැගී එන කණ්ඩායමේ පුහුණුකරු තනතුර වාස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.