Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිම්පික් උළෙල වසරකින් කල්යයි

ඔලිම්පික් උළෙල වසරකින් කල්යයි

editorial - 2020 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ (ඒ.එෆ්.පී)
 
මේ වසරේ ජූලි 24 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල, කොරා්නා වයිරසයේ බලපෑම හේතුවෙන්, තවත් වසරකින් කල්දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ. එහෙත් එය ‘ටෝකියෝ 2020‘ යනුවෙන්ම හැඳින්වෙන බව ටෝකියෝ ආණ්ඩුකාරයා වන යුරිකෝ කොයිකි පැවසීය.
 
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ටෝකියෝ ඔලිම්පික් උළෙල කල්දැමීමට තමන් එකඟ වූ බව ජපන් අගමැති ෂින්සෝ අබේ මහතා පැවසීය. මෙම තීරණය ගැනීම දිගින් දිගටම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ලෝකය පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝත්, ඇමරිකා එක්සත් ජනපදයත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට චෝදනා කරමින් සිටීයහ.
 
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් කැනඩාව මෙන්ම ඕස්ටේ්‍රලියාවද මේ වන විටත් ටෝකියෝ ඔලිම්පික් උළෙලින් ඉවත් වී සිටිති. එක්සත් ජනපද ඔලිම්පික් කමිටුව කියා සිටින්නේද ඔලිම්පික් උළෙල කල්දැමීම මේ වන විට ෂතුව තිබෙන හොඳම විකල්පය බවයි.
 
ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල්දැමීම “වඩාත් හොඳයි” යයි කියන පිරිස අතරට අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය ඇතුළු ලෝකය පුරා තවත් අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලන එක්ව සිටිති. මේ වන විට තත්ත්වය එන්න එන්නම බැරෑරුම් වන හෙයින් ක්‍රීඩා උළෙල කල්දැමීම සහ තවත් තෝරාගත හැකි විකල්ප සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මේ වන විට ෂලකා බලමින් සිටී. එහෙත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කියන්නේ ක්‍රීඩා උළෙල ආරම්භ වීමට තවත් මාස හතරක කාලයක් පමණ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දැන්ම වේලාසන වැඩි බවයි.
 
“අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිවේදනය සම්බන්ධයෙන් මගේ අර්ථදැක්වීම මේකයි. ඔවුන්ට මේක අවලංගු කරන්න ඕන නෑ. ඒත් ජූලි 24 වැනිදාට (සමාරම්භක උත්සවය පැවැත්වීමේ දිනය) මේක කරන්නත් බෑ කියලා ඒ ගොල්ලා දන්නවා............. ඒ නිසා ඔවුන්ට කල්දැමීම සම්බන්ධයෙන් හිතාබලන්න වෙලා තියෙනවා” යයි අන්තර්ජාතික ඔලිම්පික් කටවේ ජ්‍යෙෂ්ඨ සාමාජික ඩික් පොන්ඞ් මහතා පැවසීය.

 එක්සත් ජනපද ඔලිම්පික් කමිටුවේ නිවේදනය නිකුත් වූයේ ඔලිම්පික් උළෙල වෙනුවෙන් සූදානම් වෙමින් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1780 දෙනකු ඇසුරින් කරන ලද සමීක්‍ෂණයකට පසුවය. ඔවුන් අතුරින් 68 දෙනා කියා සිටියේ ඔලිම්පික් උළෙල කල්දැමීම දැනට තිබෙන හොඳම විකල්පය බවයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් පුහුණුවීම සහ තේරීම් පරීක්‍ෂණ පැවැත්වීම ‘අසීරු’ පමණක් නොව ‘භයානක’ තත්ත්වයට පැමිණ ඇතැයි ඔව්හු කියති.

“මේක පිළිගන්න බෑ”....
“වගකීම් රහිතයි”... යයි ඔව්හු කියති.
ලෝකයේ බොහෝ රටවල් තම තමන්ගේ රටවැසියන්ට කියා ඇත්තේ නිවෙස් වලටම වී සිටින ලෙසයි. බි්‍රතාන්‍යය සති තුනක් වසා දමා තිබේ. ලෝකයේ රට රටවල් අතර සංචාරය සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට තිබේ. කොරෝනා වයිරසය ආසාදිත වූවන්ගෙන් 17,000 කට වැඩි පිරිසක් මේ වන විට මියගොස් තිබේ. ලක්‍ෂ හතරකට වැඩි පිරිසක් වයිරසය ආසාදිතව සිටිති.
 
“මෙවර ගිම්හානය නිමා වන විට මේ තත්ත්වය පහව ගිය හැකි නමුත් මේ සා විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමූහයක් එක්ක පුහුණුවීම් පහසුකම් සැලසීම, මත්ද්‍රව්‍ය විරෝධී පරීක්‍ෂණ පැවැත්වීම වගේ දේවල් ෂතුටුදායක මට්ටමට කරන්න අමාරුයි..... පවතින තත්ත්වය සම්බන්ධයෙන් අපේ නිගමනය මේකයි” යයි ඇමරිකා එක්සත් ජනපද ඔලිම්පික් කමිටුව මෙන්ම පැරලිම්පික් කමිටුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ලෝකයේ ඉතාමත් ප්‍රබල මලල ක්‍රීඩා සංගමයක් මෙන්ම පිහිනුම් සංගමයක් වන එක්සත් ජනපද මලල ක්‍රීඩා සංගමය සහ පිහිනුම් සංගමය කියා සිටින්නේත් ඔලිම්පික් උළෙල කල්දැමිය යුතු බවයි.
 
මේ අතර බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමයේ සභාපති හියු රොබට්සන් මහතා ‘ස්කයි ස්පෝට්ස්’ සේවයට පවසා ඇත්තේ බි්‍රතාන්‍ය රජය ප්‍රකාශ කරන ආකාරයට කොරෝනා වයිරසය පැතිරී ගියහොත් ඔලිම්පික් උළෙල වෙනුවෙන් කණ්ඩායමක් යවන්නට තමන්ට කිසිසේත්ම නොහැකිවනු ඇති බවයි.
 

..


අදහස් (0)

ඔලිම්පික් උළෙල වසරකින් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.