අන්තර් පළාත් 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිය නිමාවන විට ප්‍රසාද ලකුණු 22.375 ක් ලබා සිටින බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේත්, ප්‍රසාද ලකුණු 34.605 ක් ලබා සිටින බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම ‘බී’ කාණ්ඩයේත් පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.
බස්නාහිර පළාත (උතුර) කණ්ඩායම තරග දෙකකට සහභාගි වී එම තරග දෙකම ජයගැනීමට සමත්වී ඇති අතර බස්නාහිර පළාත (මධ්‍යම) කණ්ඩායම තරග දෙකකට සහභාගි වී ඉන් එක් තරගයක් ජයගනිමින් එක් තරගයක් විසදුමකින් තොරව අවසන් කරගැනීමට සමත් විය.
ඉකුත් සති අන්තයේදී අවසන් වූ තරග තුනකදී ඌව පළාත් කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 8 ක ජයක් වාර්තා කිරීමට බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම සමත් වූ අතර බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායමට සහ වයඹ පළාත් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට පිළිවෙලින් මධ්‍යම පළාත් සහ උතුරු මැද පළාත් කණ්ඩායම් සමත් විය.
බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායමේ ශම්මු අශාන් ශතකයක් (108) ලබාගනිමින් එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ අතර බිනුර ප්‍රනාන්දු (බස්නාහිර පළාත (උතුර)), නිශාන් පිරීස් (බස්නාහිර පළාත (උතුර)), එස්. ගෝබීනාත් (ඌව පළාත) සහ හෙලකමල් නානායක්කාර (උතුරු මැද පළාත) කඩුලු පහ බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 8 ක ජයක්
ඌව පළාත - පළමු ඉනිම - ඕවර 45.1 කදි සියලුදෙනා දැවී 163
(නවිඳු නිර්මාල් 64, මීදුම් දිනෙත් 37, බිනුර ප්‍රනාන්දු 20/5)
බස්නාහිර පළාත් (උතුර) - පළමු ඉනිම - ඕවර 76.5 කදි සියලුදෙනා දැවී 292
(ශම්මු අශාන් 108, පැතුම් නිස්සංක 70, සහන් ආරච්චිගේ 35, චරන නානායක්කාර 33, එස්. ගෝබීනාත් 69/5)
ඌව පළාත - දෙවැනි ඉනිම - ඕවර 43.3 කදි සියලුදෙනා දැවී 121
(ලිසුල ලක්ෂාන් 54, නිශාන් පිරීස් 27/5, දුවිදු තිලකරත්න 38/4)
------------------------------------------------------------------------------------------------------------------
මධ්‍යම පළාත් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්
බස්නාහිර පළාත් (මධ්‍යම) - පළමු ඉනිම - ඕවර 53.2 කදී සියලුදෙනා දැවී 249
(හිමාෂ ලියනගේ 75, අකීල් ඉන්හාම් 53, මොහොමඞ් ශිරාස් 55/4, ලක්ෂාන් ප්‍රනාන්දු 60/4)
මධ්‍යම පළාත - පළමු ඉනිම - ඕවර 77.4 කදී සියලුදෙනා දැවී 298
(රොන් චන්ද්‍රගුප්ත 99, තනුක දාබරේ 70, ජනිත් ලියනගේ 63/3, ලසිත් ඇඹුල්දෙණිය 57/2, සහන් නානායක්කාර 58/3)
බස්නාහිර පළාත් (මධ්‍යම) - දෙවැනි ඉනිම - ඕවර 59 කදී කඩුලු 6 ක් දැවී 226
(මනිල්ක ද සිල්වා 67, ජනිත් ලියනගේ නොදැවී 59, සධීර සමරවික්‍රම 51, මොහොමඞ් ශිරාස් 66/2, චරිත් සුධාරක 70/2, ලක්ෂාන් ප්‍රනාන්දු 52/2)
------------------------------------------------------------------------------------------------------------------
උතුරු මැද පළාත් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්
වයඹ පළාත - පළමු ඉනිම - ඕවර 29.1 කදි සියලුදෙනා දැවී 104
(සශින් දිල්රංග 20, හෙලකමල් නානායක්කාර 34/5, චන්ඳුල වීරරත්න 15/3)
උතුරු මැද පළාත - පළමු ඉනිම - ඕවර 57.3 කදි සියලුදෙනා දැවී 158
(හෙලකමල් නානායක්කාර 69, සචින්ත පීරීස් 43/3, අසිත ප්‍රනාන්දු 34/3)
වයඹ පළාත - දෙවැනි ඉනිම - ඕවර 54 කදි කඩුලු 9 ක් දැවී 247
(මිනෝද් භානුක 70, රුක්ෂාන් ප්‍රනාන්දු නොදැවී 86, හරිත් මදුවන්ත 50/3, චන්ඳුල වීරරත්න 32/3)
උතුරු මැද පළාත - දෙවැනි ඉනිම - ඕවර 45 කදි කඩුලු 9 ක් දැවී 192
(දිනෙත් හේවාතන්ත්‍රී 89, සචින්ත පීරීස් 61/4, තරිඳු රත්නායක 54/3)
| ‘ඒ’ කාණ්ඩය | |||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | වි.නැ | ප්‍ර.ල. |
| බස්නාහිර පළාත (මධ්‍යම) | 2 | 1 | - | 1 | 22.375 |
| වයඹ පළාත | 2 | 1 | - | 1 | 21.245 |
| මධ්‍යම පළාත | 2 | 1 | - | 1 | 15.325 |
| උතුරු මැද පළාත | 1 | - | - | 1 | 12.6 |
| උතුරු පළාත | 1 | - | 1 | - | 2.405 |
| ‘බී’ කාණ්ඩය | |||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | වි. නැ | ප්‍ර. ල. |
| බස්නාහිර පළාත (උතුර) | 2 | 2 | - | - | 34.605 |
| බස්නාහිර පළාත (දකුණ) | 2 | 1 | 1 | - | 19.6 |
| දකුණු පළාත | 1 | 1 | - | - | 18.5 |
| නැගෙනහිර පළාත | 2 | - | 2 | - | 6.445 |
| ඌව පළාත | 1 | - | 1 | - | 2.92 |
| කෙටි යෙදුම් - වි.නැ-විසඳුම් නැති, ප්‍ර.ල- ප්‍රසාද ලකුණු | |||||
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.