Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගමාලාව යටතේ අද (19) පස්වරුවේ කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ ‘අගමැති’ කුසලාන අවසන් මහ තරගය පැවැත්වීම අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණයෙන් (අංක 06) වාරණයක් පැනවීම නිසා එම තරගය අත්හිටුවීමට සිදුවිය.
අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ කොළඹ ආනන්ද විදුහල් පිල තරගාවලියෙන් ඉවත්කිරීමට එරෙහිව එම විදුහල අධිකරණ හමුවේ ගොනු කළ පෙත්සමක් සළකා බලමින් කොළඹ දිසා අධිකරණය අද (19) මෙම වාරණය පැනවීය.
අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ කොළඹ ආනන්ද විදුහල් පිලේ නායකයා පාසල් රග්බි තරගාවලියට සහභාගි වීමට අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කර නොමැති යැයි පාසල් රග්බි සංගමය එම කණ්ඩායම තරගාවලියෙන් ඉවත්කිරීමට කටයුතු කළේය.
එම අවසන් මහ තරගය කොළඹ තර්ස්ටන් විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර කණ්ඩායම් දෙක ක්‍රීඩාංගණයට පැමිණ සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.