Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සමාප්ත සමාචාරෝත්සවය වරද්දාගනී

සමාප්ත සමාචාරෝත්සවය වරද්දාගනී

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගෝල්ඞ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ පසුගිය ඉරිදා පැවති සමාප්ති උත්සවයට  ක්‍රීඩකයින්ගේ සහභාගිත්වය සීමිත වීම සම්බන්ධයෙන් තරගාවලියේ සංවිධායකයින් විවේචනයට ලක්ව තිබේ. පසුව තමන්ගේ වරද සම්බන්ධයෙන් තරගාවලි සංවිධායකයෝ සමාව අයැද සිටියහ.


තරගාවලියට සහාභාගි වූ රටවල ධජ අතැතිව ක්‍රීඩක ක්‍රීඩිකාවන් උත්සවය ආරම්භ කිරිමට පෙර සමාචාර පෙරහැරේ ගමන් කළහ. කරාරා ක්‍රීඩාංගනයේ රැස්ව සිටි  ප්‍රේක්ෂකයින්ට එය දැකගැනිමට හැකි වු නමුත් ක්‍රීඩක ක්‍රීඩීකාවන් ක්‍රීඩංගණයෙන් නික්ම යන අයුරු රුපවාහිනි ප්‍රේක්ෂකයින්ට දැක ගැනිමට නොහැකි වු බව ෂින්හුවා ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.


ලොව පුරා ප්‍රසිද්ධ රුපවාහිනි සේවා මෙම සිද්ධිය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කර තිබේ. ඒ අතරින් ඔස්ටේ්‍රලියාවේ චැනල් සෙවන් ප්‍රවෘත්ති සේවාව සමග එක්වු හිටපු පොදුරාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්කම්ලාභි ජොහානා ග්‍රිග්ස් මෙම සිදුවීම තදබල ලෙසින් හෙළා දුටුවාය. පැවැති තත්ත්වය සම්බන්ධයෙන් ග්‍රිග්ස් සිය කෝපය එළිපිටම පළකළාය.


“ඔවුන් ඇත්තටම මේ සම්ප්‍රදාය විනාශ කරනවා. ඒ සම්ප්‍රදාය ඉතාමත් වැදගත් විතරක් නෙමේ ඒක පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කොටසක්” යයි ග්‍රිග්ස් සජීවී විස්තර විචාරයේදී කීවාය.....“අවාසනාවට වගේ...මේ තරගාවලියේ සත්කාරක රූපවාහිනී සමාගමත්, සංවිධායකයනුත් අද රාත්‍රියේදී නම් වැඬේ වරද්ද ගත්තා”


ක්‍රීඩක ක්‍රීඩිකාවන් රූපවාහිනීයෙන් දැකගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමන් අතින් වරදක් සිදුවී තිබෙන බව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ සභාපති පීටර් බැටී මහතා පිළිගත්තේය.


මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ‘දිරිගන්වන්නක්’ මෙන්ම ‘උද්යෝගිමත්’ එකක් යයි මුලින් කී පීටර් බැටී මහතා නිවසේ සිට තරගාවලිය නැරඹූ ප්‍රේක්‍ෂකයන්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැකගත නොහැකි වීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවද පැවසීය.


“අපට ඕනෑ කළේ ක්‍රීඩක ක්‍රීඩිකාවනුත් සමාප්ත සමාචාරයට සහභාගි වෙලා විනෝද වෙනවා දකින්නයි. ඒත් සංදර්ශනයට ඉස්සරවෙලා ඔවුන් ක්‍රීඩාංගණයට ආපු එකෙන් නරඹන්නන්ට ඔවුන්ව දැකගැනීමට නොහැකි වුණා. අපට එතැනදී වැරදුණා” යයි පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.


“මිනිසුන්ගේ කේන්තිය සාධාරණයි. ඒ ගැන විවේචනය කළ අයත් සාධාරණයි” යයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

- 088


අදහස් (0)

සමාප්ත සමාචාරෝත්සවය වරද්දාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.