Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට 23 වැනි - 15 වැනි ස්ථාන

ශ්‍රී ලංකාවට 23 වැනි - 15 වැනි ස්ථාන

ශානුක අරවින්ද - 2019 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ යොජ්යකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු මේසපන්දු ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් පිළිවෙලින් එහි 23 වැනි සහ 15 වැනි ස්ථානවලට පත්වූහ. ආසියානු මේසපන්දු සංගමය සංවිධානය කරන මෙම ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් තරගාවලිය සඳහා රටවල් 30 ක් සහභාගි වූ අතර කාන්තා කණ්ඩායම් තරගාවලිය සඳහා රටවල් 24 ක්ද සහභාගි වූහ.

මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම, පළමු තරගයේදී 3-1 ක් ලෙස ක්වේට් රාජ්‍යය පරාජය කිරීමට සමත් විය. එහෙත් දෙවැනි තරගයේදී ඉන්දියාව හමුවේ 3-0 ක් ලෙස පරාජය වීම නිසා ඔවුන්ට දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

කණ්ඩායම් ඉසව්වේ 23 වැනි සහ 30 වැනි ස්ථාන අතර ස්ථානයක් සඳහා තරග වැදීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට සිදුවිය. එහිදී මැකාවෝ රාජ්‍යය 3-2 ක් ලෙසද, තුර්ක්මේනිස්තානය 3-0 ක් ලෙසද පරාජය කළ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම, මොන්ගෝලියාවට එරෙහිවද 3-2 ක ජයක් වාර්තා කරමින් කණ්ඩායම් ඉසව්වේ 23 වැනි ස්ථානයට පත්විය.

මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, පළමු තරගයේදී 3-1 ක් ලෙස මාලදිවයින පරාජය කිරීමට සමත් විය. එහෙත් දෙවැනි තරගයේදී සිංගප්පූරුව හමුවේ 3-0 ක් ලෙස පරාජය වීම නිසා ඔවුන්ටද දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

ඒ අනුව කණ්ඩායම් ඉසව්වේ 13 වැනි සහ 18 වැනි ස්ථාන අතර ස්ථානයක් සඳහා තරග වැදීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවිය. එහිදී පිලිපීනය හමුවේ 3-1 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, මොන්ගෝලියාවට එරෙහිව 3-1 ක ජයක් වාර්තා කරමින් කණ්ඩායම් ඉසව්වේ 15 වැනි ස්ථානය හිමිකර ගත්තේය.

එහිදී රොහාන් සිරිසේන, චමීර ගිණිගේ, සුපුන් වරුසවිතාන සහ සෙනුර සිල්වා යන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කළ අතර ඉෂාරා මධුරංගි, එරන්දි වරුසවිතාන, බිමන්දි බණ්ඩාර සහ ජිතාරා වර්ණකුලසූරිය යන ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළහ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට 23 වැනි - 15 වැනි ස්ථාන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.