Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විජය නෙට්වර්ක් - ක්‍රීඩා අමාත්‍යංශය එක්වෙයි

විජය නෙට්වර්ක් - ක්‍රීඩා අමාත්‍යංශය එක්වෙයි

රොෂාන් ගුණරත්න - 2020 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාලය ඔස්සේ විවිධ පණිවුඩ යවමින් මනසට බලපෑම් කිරීම අද තරුණ තරුණියන් මුහුණ දෙන බරපතලම තර්ජනයක් වී තිබේ. එමගින් ඔවුන්ට ඇති කළ හැකි අපකීර්තිය හා මානසික වේදනාව හේතුවෙන් ජිවිතය ආරම්භ වීමට පෙරම දීප්තිමත් තරුණ තරුණියන්ගේ අනාගතය අඳුරු විය හැකිය. 

අන්තර්ජාලය ඔස්සේ කෙරෙන බලපෑම්වලට එරෙහිව, දිවයින පුරා ව්‍යාපාරයක් නිර්මාණය කිරීම හා ක්‍රියාත්මක කිරීමටත්, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු ඉස්මතු කරන විද්‍යුත් අන්තර්ගතයන් සංවර්ධනය කිරීම හා නිර්මාණය කිරීමටත් ජාතික තරුණ සේවා සභාව සහ විජය නෙට්වර්ක් සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.  එමගින් තරුණ තරුණියන් දැනුවත් කිරීම, නීති සම්පාදකයින් සමඟ වැඩ කිරීම සඳහා තරුණ තරුණියන්ගේ මනස සැකසීම, අන්තර්ජාලයේ සැරිසැරීමේදී ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවර රැසක් ගනු ඇත. 

විජය නෙට්වර්ක් සමාගමත්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයත් ඔවුන්ගේ පළමු සහයෝගීතා වැඩසටහන වෙනුවෙන් ඩිජිටල් තාක්‍ෂණය හරහා දිවයින පුරා සිටින පාසල් ළමුන් සඳහා ක්‍රීඩා නිබන්ධන ගෙන ඒමට බලාපොරොත්තු වේ. මෙම නිබන්ධන ඔස්සේ රටේ දුර බැහැර ප්‍රදේශවල ළමුන්ට පවා ඔවුන් තෝරාගත් ක්‍රීඩාවට සම්බන්ධ පුහුණුකරුවන්ගේ සහ වෘත්තිකයන්ගේ විශේෂ දැනුමෙන් ප්‍රයෝජන ගත හැකිය. 

විජය නෙට්වර්ක් සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්‍ෂක උදේෂ් ගුණතුංග මහතා මෙම ගිවිසුමට අත්සන් කළ අතර තරුණ සේවා සභාව වෙනුවෙන් එහි සභාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතාද, ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදී මෙම ගිවිසුම් වලට අත්සන් තැබූහ. 

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් මාක් මොරිස් යන මහත්වරුද, විජය නෙට්වර්ක් සමාගමේ සමාජ මාධ්‍ය ප්‍රධානී රිෂිනි වීරරත්න මහත්මිය සහ තරුණ සේවා සභාවේ මාණ්ඩලික අධ්‍යක්‍ෂ ටෙහානි රොද්‍රිගූ මහත්මියද මෙම අවස්ථාවට සහභාගි වූහ. 

ඡායාරූප - ගයාන් අමරසේකර

 


අදහස් (0)

විජය නෙට්වර්ක් - ක්‍රීඩා අමාත්‍යංශය එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.