Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ප්‍රංශ පාපැදි සවාරිය ජනේලයෙන් බලන්න

ප්‍රංශ පාපැදි සවාරිය ජනේලයෙන් බලන්න

editorial - 2020 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොව ප්‍රධාන‍තම පාපැදි සවාරිය ලෙසින් අවිවාදයෙන් සැලකෙන ප්‍රංශ පාපැදි සවාරිය මෙවර ප්‍රේක්ෂකයන් රහිතව පැවැත්වීම සඳහා ප්‍රංශය අවධානය යොමුකරමින් සිටින බව එ‍රට ක්‍රීඩා අමාත්‍යවරිය පවසන්නීය. පාපැදි තරග සඳහා ප්‍රේක්ෂකයන් එක්කාසු වන්නේ එක තැන එකම ක්‍රීඩාංගණයකට නොව පාපැදි තරගය පැවැත්වෙන මාවත දෙපසය. එහෙත් මෙවර ප්‍රංශ පාපැදි සවාරිය නරඹන්නන්ට වෙන්නේ නිවසේ ජනේලයක් තුළිනි.

ජූනි මස 27 වැනිදා සිට ජූලි 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ප්‍රංශ පාපැදි සවාරිය නියමිත දිනවලදී ක්‍රියාත්මක කිරීම කොරෝනා වසංගතය පැතිරීයාම හේතුවෙන් අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය රොක්සානා මාරාසිනානු මහත්මිය කියා සිටියේ ප්‍රංශය මින් පෙර අවස්ථාවලදීද ඇතැම් තරගාවලි ප්‍රේක්ෂකයන් නොමැතිව පවත්වා ඇති බවයි.
“ඕනෑම දෙයක් කරන්න වෙලාවක් තියෙනවා. මේ වෙලාවේ අපිට වඩා වැදගත් දෙයක් තියෙනවා අවධානය යොමු කරන්න. මේ තරගාවලිය ගැන තීරණයක් ගන්න තවම කල් වැඩියි.” යැයි රොක්සානා මහත්මිය පැවසුවාය.

“මුලින්ම අපි මේ වයිරසයෙන් රට මුදවාගන්න හැකි උපරිමය කරමු. ඉන් පසුව තරගාවලිය ගැන හිතමු. නිවාස අඩස්සියේ සිටීමට සිදුව ඇති මෙවන් අවස්ථාවක අපි හැමෝටම ඉටු කරන්න වගකීමක් තියෙනවා. යැයිද ඇය සඳහන් කළාය.

පාපන්දු සහ රග්බි තරගාවලි වලදී මෙන්ම පාපැදි සවාරි වලදී මුදල් ඉපයීම සඳහා ප්‍රවේශපත් මත යැපීමට සිදුනොවන බැවින් ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වුවද, එය ප්‍රංශ පාපැදි සවාරියට දැඩි මුල්‍ය බලපෑමක් ඇති නොකරනු ඇතැයි රොක්සානා මහත්මිය කියා සිටියාය.

නිවෙස්වල රැදී සිටිමේ වාසිය සියලුම දෙනා තේරුම් අරන් ඇති මෙවැනි අවස්ථාවක, පාපැදි සවාරිය සජීවීව නැරඹීමට වඩා රූපවාහිනිය ඔස්සේ නැරඹීමට ප්‍රේක්ෂකයන් පවා උනන්දු වනු ඇතැයිද ඇය වැඩිදුරටත් පැවසුවාය.


-036


අදහස් (0)

ප්‍රංශ පාපැදි සවාරිය ජනේලයෙන් බලන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.