Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු මුල් පුටුවට තුන්කොන් සටනක්

දැල්පන්දු මුල් පුටුවට තුන්කොන් සටනක්

editorial - 2021 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මැයි 25 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණයේ දී (2021-23) සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන, සබරගමුව පළාත් සභාවේ ලේකම් රංජනි ජයකොඩි හා හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂවරියක් වන පද්මා බැද්දවෙල යන මහත්මීහු අද (20) නාමයෝජනා බාර දුන්හ. වත්මන් සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය අවසන් මොහොතේදී නිලවරණයෙන් ඉවත්වීමට ගත් තීරණය හමුවේ ඇගේ සහයෝගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මියට හිමිව තිබේ.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ ද කටයුතු කර තිබෙන රංජනි ජයකොඩි මහත්මිය හිටපු සභාපතිනියක් වන ට්‍රික්ෂි නානායක්කාර මහත්මියගේ සහයෝගය ලබාගනිමින් මෙවර නිලවරණයට ඉදිරිපත්ව තිබේ.

දැල්පන්දු නිලවරණ කමිටුවේ සාමාජික සුනිල් ජයවීර මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ නාමයෝජනාවලට එරෙහිව ඉදිරිපත් වන විරෝධතා අනිද්දා (21) සිට මෙම 27 වැනිදා දක්වා බාරගැනෙන බවයි. විරෝධතා විභාග කර නිර්දේශ දැනුම් දීම මැයි 5 වැනිදාට යොදාගෙන ඇතැයි ද ඔහු එහිදී පැවැසීය. 

මෙවර දැල්පන්දු මුල් පුටුවට නාමයෝජනා බාරදුන් කෝකිලා ගුණවර්ධන මහත්මිය ගම්පහ දිස්ත්‍රික් සංගමයේ සාමාජිකාවකි. රංජනි ජයකොඩි මහත්මිය මේ වනවිට මාතලේ දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ හා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ සභාපති ධුරය ද උසුලයි. පද්මා බැද්දෙවෙල මහත්මිය සභාපති ධුරයට නාමයෝජනා බාර දී ඇත්තේ කෝකිලා ගුණවර්ධන මහත්මියගේ පාර්ශ්වයට සහයෝගය පළ කරමිනි. 

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය සඳහා (2021-23) ඉදිරිපත් වූ නාමයෝජනා:-

  • සභාපති ධුරයට:- පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන, රංජනි ජයකොඩි හා පද්මා බැද්දවෙල යන මහත්මීහු
  • නියෝජ්‍ය සභාපති ධුරයට:- පද්මා බැද්දවෙල, වජිරා පුෂ්පකුමාරි, කැරිල් ටෝසර් යන මහත්මීහු
  • ප්‍රධාන ලේකම් ධුරයට:- චම්පා ගුණවර්ධන, සුභානි උඩවත්ත, කුමදුනි ගෝමස් යන මහත්මීහු.
  • භාණ්ඩාගාරික ධුරයට:- පද්මිණි ගොරකගේ හා සංජීවනී පීරිස් යන මහත්මීහු. 
  • උපසභාපති ධුර (3):- චම්පා රංජනී, වජිරා පුෂ්පකුමාරි, රංජනි විනිතා හේරත්, ටී.එම්.ඩී. කුමාරිහාමි, අභීතා නරුමරාජා යන මහත්මීහු.
  • උපලේකම් ධුරයට:- සුභානි උඩවත්ත, චම්පා ගුණවර්ධන, එච්.එම්. සපුතන්ත්‍රි, ජී.එම්.පී. වීරසූරිය, ආර්.වයි.ඒ. සීතාරමණි, අයි.ජේ. ඩේවිඩ් යන මහත්මීහු.
  • තරග ලේකම් ධුරයට:- ශිරෝමි කුරුප්පු හා අනුෂා මයුරිනි යන මහත්මීහු.
  • උපභාණ්ඩාගාරික ධුරයට:- වින්දනා දයාරත්න හා ළයානි රේණුකා කුරුප්පු යන මහත්මීහු. 

අදහස් (0)

දැල්පන්දු මුල් පුටුවට තුන්කොන් සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.