Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම් මුහුදු තීරයේ සිට පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවේ දනුෂ්කොඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරම් මුහුදු තීරය දක්වා (කිලෝ මීටර 59.3 ක්) පැමිණෙමින් වසර 50 ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර සමත් විය.
පෙරේදා (10) පෙරවරු 2.00 ට තලෙයිමන්නාරම් මුහුදු තීරයෙන් ගමන් ආරම්භ කළ රොෂාන්, ඊයේ (11) පෙරවරු 7.00 ට තලෙයිමන්නාරම් මුහුදු තීරයෙන්ම සිය ගමන අවසන් කරමින් නව වාර්තාව පිහිටුවේය. ඒ සඳහා ඔහුට පැය 28 යි, විනාඩි 19 යි, තත්ත්පර 43 ක කාලයක් ගත විය.
යාපනය දිස්ත්‍රික්කයේ වෙලිවෙටිතුරයිහි කුමාර් ආනාන්දන් විසින් 1971 වසරේදී පැය 51 ක කාලයක් වාර්තා කරමින් මෙහි පැරණි වාර්තාවට හිමිකම් කීවේය.
මේ වන විට තිස් දෙහැවිරිදි වියේ පසුවන රොෂාන්, ගුවන් හමුදාවට එක්වී ඇත්තේ 2008 වසරේදීය. ඔහු කිලෝ මීටර 49 ක දුරක් පැය 23 කින් පිහිනා යමින් මේ වසරේ මාර්තු මස 26 වැනිදා නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවීය.
ආසියානු වාර්තාවට අමතරව තලෙයිමන්නාරමේ සිට දනුෂ්කොඩි දක්වා පැය 10 යි, විනාඩි 31 ක් තුළ පිහිනා නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමටද රොෂාන් සමත් විය.
මේ අතර ශ්‍රී ලංකාවේ ගිනස් වාර්තා පිහිටවූන් සඳහා වන පහසුකම් සැලසීමේ කමිටුවේ සාමාජික, ජාතික වෛද්‍ය විද්‍යායතනයේ සභාපති වෛද්‍ය ලාල් ඒකනායක මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසූවේ මෙය ශ්‍රී ලාංකිකයකු වැඩිම දුරක් ගෙවූ පිහිනුම් තරගය ලෙස මෙරට වාර්තා පොතට එක්වන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.