
හතලිස් පස්වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගිවන බස්නාහිර පළාත් කණ්ඩායම් තෝරා ගැනීම සඳහා පැවැති බස්නාහිර පළාත් කැරම් තරගාවලියේ පිරිමි සහ කාන්තා කේවල ශූරතා දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු සහ ජෝශප් රොෂිටා සමත් වූහ. ඔවුන් දෙදෙනාම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරගාවලියට එක්ව සිටියහ.
බස්නාහිර පළාත් ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලද මෙම තරගාවලිය මැයි මස 29 වැනිදා සිට මේ මස 31 වැනිදා දක්වා දින තුනක් පුරා ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේදී පැවැත්විණ.
පිරිමි කේවල අවසන් තරගයේදී වට 2-1 ක් (18/25, 25/09, 25/13) ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ ෂහීඞ් හිල්මි පරාජය කිරීමට නිශාන්ත ප්‍රනාන්දු සමත් විය. කාන්තා කේවල අවසන් තරගයේදී වට 2-0 ක් (25/05, 25/06) ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙටුනි නොමායා පරාජය කිරීමට ජෝශප් රොෂිටා සමත් වූවාය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හසිත අනුරුද්ධ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මධුකා දිල්ෂානි පිළිවෙළින් තරගාවලියේ පිරිමි හා කාන්තා තෙවැනි ස්ථාන හිමිකරගත්හ. තරගාවලිය අතරතුරදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් ප්‍රතිවාදී තරගකරුට අවස්ථාවක් නොදී තරග වටයක් නිමාකරමින් ‘ස්ලෑම්’ අවස්ථා 4 ක් වාර්තා කළහ. එහිදී ෂහීඞ් හිල්මි අවස්ථා 2 කදීද, නිශාන්ත ප්‍රනාන්දු සහ එම්. චිත්‍රාදේවී එක් අවස්ථාවකදී බැගින්ද එම දස්කම දැක්වූහ.
කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් එකසිය පනහකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙවර තරගාවලිය සඳහා සහභාගී වූ අතර ඔවුන් අතරින් ක්‍රීඩකයන් 8 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 8 දෙනෙක් මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේදී බස්නාහිර පළාත වෙනුවෙන් තරග වැදීම සඳහා තෝරාගනු ලැබූහ.
පිරිමි කණ්ඩයම
1 නිශාන්ත ප්‍රනාන්දු (නාවික හමුදාව)
2 ෂහීඞ් හිල්මි (කොළඹ රාජකීය විද්‍යාලය)
3 හසිත අනුරුද්ධ (ගුවන් හමුදාව)
4 චරිත් මධුසංක (යුද හමුදාව)
5 සුරාජ් මධුවන්ත (යුද හමුදාව)
6 නලීන් ජයශාන්ත (යුද හමුදාව)
7 එම්. ෂෙරීෆ්ඩීන් (යුද හමුදාව)
8 එවෝන් වික්‍රමසිංහ (ගුවන් හමුදාව)
කාන්තා කණ්ඩයම
1 ජෝශප් රොෂිටා (නාවික හමුදාව)
2 දෙටුනි නොමායා (යුද හමුදාව)
3 මධූකා දිල්ෂානි (යුද හමුදාව)
4 තස්මිලා කාවින්දි (නුගේගොඩ මහාමායා බාලිකා)
5 රෙබෙකා ඩැල්රින් (යුද හමුදාව)
6 නිපුනි දිල්රුක්‍ෂි (නුගේගොඩ මහාමායා බාලිකා)
7 එම්.චිත්‍රාදේවී (යුද හමුදාව)
8 ෂයිනි ඉමායා (නුගේගොඩ මහාමායා බාලිකා)

බස්නාහිර පළාත් පිරිමි කැරම් කණ්ඩයම -
ඉදිරි පෙළ (වමේ සිට) නිශාන්ත ප්‍රනාන්දු, මොහොමඞ් ෂහීඞ්, හසිත අනුරුද්ධ සහ චරිත් මධුසංක
පසු පෙළ (වමේ සිට) සුරාජ් මධුවන්ත, නලීන් ජයශාන්ත සහ එම්. ෂෙරීෆ්ඩීන්

බස්නාහිර පළාත් කාන්තා කැරම් කණ්ඩයම -
ඉදිරි පෙළ (වමේ සිට) ජෝශප් රොෂිටා, දෙටුනි නොමායා, මධූකා දිල්ෂානි සහ තස්මිලා කාවින්දි
පසුපෙළ (වමේ සිට) රෙබෙකා ඩැල්රින්, නිපුනි දිල්රුක්‍ෂි, එම්.චිත්‍රාදේවී සහ ෂයිනි ඉමායා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.