ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී මාතර සිටි ක්‍රීඩා සමාජයට එරෙහිව කැලණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 1-0 ක් ලෙස ජය ගැනීමට ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමත් විය.
ජාවා ලේන් ක්‍රීඩා සමාජයේ ටී. ෆ්‍රැන්සිස් තරගයේ 91 වැනි මිනිත්තුවේදී (අතිරේක කාලයේදී) ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය. එහිදී ජාවා ලේන් ක්‍රීඩා සමාජයේ එම්.එන්.එම්. නවුමාන් සහ රෙවින් කුමාර් කහ කාඞ්පත් ලැබූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.