Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(මාතලේ - එම්. ඩබ්ලිව්. සෝමරත්න)
මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘතිම හොකී පිටිය සංවර්ධනය කර නඩත්තු කටයුතු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව එකඟවී තිබේ.
ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවේ තොටිල්ල ලෙස සලකන මාතලේ නගර මධ්‍යයේ පිහිටි මෙම ක්‍රීඩාපිටිය ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ඉදිකරනු ලැබූවේ එවකට මධ්‍යම පළාත් මහ ඇමැතිවරයාව සිටි නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ යෝජනාවක් මතය.
මෙම ක්‍රීඩා පිටියේ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් වගකිවයුතු අංශ අතර කඹ ඇදීම නිසා කෘත්‍රිම පළස අබලන් වී ක්‍රීඩා කිරීමද කලක් නතරකර තිබුණි. මාතලේ හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ විවිධ සංවිධාන මේ සම්බන්ධව වගකිව යුතු අංශවලට චෝදනාද නැඟූහ. ඒ පිළිබඳව අවධානය යොමුකළ මාතලේ පුරපති රංජිත් අලුවිහාරේ මහතා, ශ්‍රී ලංකා යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අවධානය ඒ වෙතට යොමුකරමින් ක්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු යුද හමුදාවට පැවරීමට එකඟතාවක් ඇතිකර ගත්තේය.
ඒ සම්බන්ධයෙන් මාතලේ නගරාධිපතිවරයා සහ යුද හමුදාපතිවරයා අතරගිවිසුමකටද අත්සන් තැබිණ. මෙම ගිවිසුම අනුව කොන්දේසි සහිතව මෙම හොකී ක්‍රීඩාපිටිය සංවර්ධනයට හා නඩත්තුව ශ්‍රී ලංකා යුද හමුදාවට පැවැරිණි.
මාතලේ ග්‍රෑන්ඞ් මවුන්ටන් හෝටලයේදී පුරපති රංජිත් අලුවිහාරේ මහතා හා ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.