Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙරීනා - ඔසාකා දෙවැනි කඩුලු පනිති

සෙරීනා - ඔසාකා දෙවැනි කඩුලු පනිති

editorial - 2020 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයේ කාන්තා තරගවලදී ජයග්‍රහණ ලබා එහි තෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට සෙරීනා විලියම්ස් සහ නයෝමි ඔසාකා සමත් වූහ.

මේ වන විට කේවල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 ක් දිනා සිටින සෙරීනා, මෙවර තරගාවලියේදී සිය 24 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව හඹායමින් සිටින්නීය. ඇගේ ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා ගොන්නට විම්බල්ඩන් ශූරතා 7 ක්, ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 7 ක්, ඇමරිකානු විවෘත ශූරතා 6 ක් සහ ප්‍රංශ විවෘත ශූරතා 3 ක් අන්තර්ගත වේ.

මෙම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සෙරීනා සමත් වුවහොත් ඇයට කේවල ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 24 ක් දිනා සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා මාගරට් කෝට්ගේ වාර්තාව සම කිරීමට අවස්ථාව උදාවනු ඇත. 1960 වසරේදී වෘත්තීමය ටෙනිස් ක්‍රීඩාවට අවතීර්ණ වී ඇති මාගරට්, 1977 වසරේදී ක්‍රීඩිවෙන් සමුගත්තාය.

හය වරක් ඇමරිකානු විවෘත ටෙනිස් ශූරිය බවට පත්ව ඇති සෙරීනා, මෙවර තරගාවලියේ දෙවැනි වටයේදී රුසියානු ක්‍රීඩිකා මාගරිටා ගැස්පාර්යන්ට එරෙහිව වට 2-0 ක (6/2, 6/4) ජයක් වාර්තා කළාය. 2018 වසරේදී සිය පළමු ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගත් ඔසාකා, මෙවර තරගාවලියේ දෙවැනි තරගයේදී වට 2-0 ක් (6/2, 5/7, 6/2) ලෙස ඉතාලි ක්‍රීඩිකා කැමිලා ජෝජි පරාජය කළාය.

පළමු වටයේදී ඇමරිකානු ක්‍රීඩිකා ක්‍රිස්ටි අහන්ට එරෙහිව වට 2-0 ක (7/5, 6/4) ජයක් වාර්තා කරමින් සෙරීනා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තාය. ඔසාකා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේ පළමු වටයේදී වට 2-1 ක (6/2, 5/7, 6/2) ක් ලෙස ජපන් ක්‍රීඩිකා මිසාකි දෝයි පරාජය කරමිනි.

තෙවැනි වටයේදී සෙරීනා ඇමරිකානු ක්‍රීඩිකා ස්ලෝන් ස්ටීවන්ස්ට එරෙහිවද, ඔසාකා යුක්රේන ක්‍රීඩිකා මාර්ටා කොස්ට්යුක්ට එරෙහිවද තරග බිමට පිවිසීමට නියමිතය.

-036


අදහස් (0)

සෙරීනා - ඔසාකා දෙවැනි කඩුලු පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.