Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී. ආර්. පිල 23-20 කින් නාවික හමුදාව පරදවයි

සී. ආර්. පිල 23-20 කින් නාවික හමුදාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ පස්වැනි සතිය යටතේ සී. ආර්. පිල සහ නාවික හමුදා පිල අතර ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (02) පස්වරුවේ පැවැති තරගයෙන් සී. ආර්. ක්‍රීඩකයෝ ලකුණු 23-20 තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

නාවික හමුදා පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-13 ක් පෙරමුණේ පසුවුවද සී. ආර්. ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී පෙරමුණට පැමිණියහ.

සී. ආර්. පිලේ සිවරාජ් ස්ටීවන් හයවැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඩුවම් පහරත් සමගින් ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.

ගිහාන් වීරසිංහ 12 වැනි මිනිත්තුව්දී සම්පූර්ණ කළ උත්සාහක දිනුම තිළිණ වීරසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ නාවික හමුදා පිල ලකුණු 7-3 ක් ලෙස ඉදිරියට පැමිණියේය.

ඔමල්ක ගුණරත්න 16 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ උත්සාහක දිනුමෙන් සී. ආර්. පිල ලකුණු 8-7 ක් ලෙස ඉදිරියට පැමිණිය ද, ඊට මිනිත්තු තුනකට පසුව තිළිණ වීරසිංහ දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු 10-8 ක් ලෙස නාවික හමුදාව පෙරමුණට ගත්තේය.

නාවික හමුදා පිලේ රවින්ද්‍ර සිල්වා 26 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම තිළිණ වීරසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 17-8 ක් බවට පත්විය.

පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී නාවික හමුදා පිලේ ෂෙහාන් ඩයස් සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු තත්ත්වය 17-13 ක් බවට පත්විය.

දෙවැනි අර්ධයේ 14 වැනි මිනිත්තුවේදී හරිත් බණ්ඩාර සම්පූර්ණ කළ උත්සාහක දිනුමට තරින්ද රත්වත්ත ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් සී. ආර්. පිල ලකුණු 20-17 ක් ලෙස නැවතත් පෙරමුණට පැමිණියේය.
 නාවික හමුදා පිලේ තිළිණ වීරසිංහ 24 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පුවරුව 20-20 ක් ලෙස සම කළේය.

තරගයේ අවසන් මිනිත්තුවේදී සී. ආර්. පිලට ලැබුණු දඩුවම් පහර අවස්ථාව තරින්ද රත්වත්ත සාර්ථක කිරීමත් සමඟ සී. ආර්. පිල ලකුණු 23-20 ක් ලෙස ජය ලැබීය.


අදහස් (0)

සී. ආර්. පිල 23-20 කින් නාවික හමුදාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.