Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල 11 දා

සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල 11 දා

editorial - 2020 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල මෙම 11 වැනිදා පස්වරු 4 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.  ‘‘සබුද්ධි’’ සාහිත්‍ය කවය පළමු වරට සංවිධානය කරන මෙම ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේදී විෂයන් 10 ක් උදෙසා ගෞරව සම්මාන ප්‍රදානය කරන බව සබුද්ධි සාහිත්‍ය කවයේ විධායක අධ්‍යක්‍ෂ සිරිනාම රාජපක්‍ෂ මහතා පවසයි.

එහිදී කුසලාන සහතිකද සමග මුළු සම්මාන30 ක් ප්‍රදානය කෙරෙන බවත් ඔහු එහිදී පැවසීය.

දේශීය ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රීඩා සාහිත්‍ය ප්‍රවර්ධනය කිරීමට දායක වූ ක්ෂේත්‍රයේ සියළු වෘත්තිකයන් ඉලක්ක කරමින් ඔවුන් ඇගයීම සඳහා සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන ප්‍රදානය සංවිධානය කෙරේ.  

ස්වාධීන බුද්ධි මණ්ඩලයක් මගින් සම්මාන සඳහා නිර්දේශයන් තෝරා ගැනේ. එහි සභාපතිත්වය දරන්නේ අමාත්‍යාංශ කීපයකම මාධ්‍ය ලේකම්වරයෙකු ලෙස කටයුටතු කළ හර්ෂ බී. අබේකෝන් මහතාය. නීතිඥ ප්‍රතිභා මහානාම හේවා, මහාචාර්ය අසංග විජයරත්න, කථිකාචාර්ය ෆාතිමා ෂානාස් උපදේශකවරුන් ලෙසත්, විද්‍යාපති කුෂාන් නිසංසල හා රුවිනි වික්‍රමආරච්චි යන මහත්ම මහත්මීන් එහි සාමාජිකයන් ලෙසත් කටයුතු කරති.  

විවිධ දුෂ්කරතා හා කොවිඩ් වසංගත තත්ත්වයේ බලපෑමෙන් මෙම ක්‍රීඩා සාහිත්‍ය උළෙල සංවිධානය කිරීම දුෂ්කර කටයුත්තක් වුවත් මෙම 11 වැනිදා එය පැවැත්වීම සඳහා මේ වනවිටත් සාර්ථකව සංවිධාන කටයුතු සිදු වෙමින් පවතින බවත් සබුද්ධි සාහිත්‍ය කවයේ සභාපති තමීර මංජු මහතා පවසයි.

‘‘චාන්ස්’’ ස්පෝට්ස් ආයතනය ප්‍රධාන වික්ටරි අනගි ඉන්ටර් නැෂනල් හා කේ.එස්.වින් යන ආයතන සම්මාන උළෙල සඳහා අනුග්‍රහය දක්වයි.

සබුද්ධි සාහිත්‍ය ක්‍රීඩා සම්මාන උළෙලේ ප්‍රදානය කෙරෙන ප්‍රධානතම සම්මාන
වසරේ ක්‍රීඩා සාහිත්‍ය නව මාධ්‍ය, වසරේ ක්‍රීඩා සාහිත්‍ය සඟරාව, වසරේ ක්‍රීඩා සාහිත්‍ය ප්‍රවර්ධන (ප්‍රකාශන ආයතන), වසරේ ක්‍රීඩා සාහිත්‍ය රූපවාහිනිය, වසරේ ක්‍රීඩා සාහිත්‍ය ගුවන් විදුලිය, වසරේ ක්‍රීඩා සාහිත්‍යය දිනපතා පුවත්පත, වසරේ ක්‍රීඩා සාහිත්‍යය සති අන්ත පුවත්පත, වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා, වසරේ විවිධ විෂයික ක්‍රීඩා කෘතිය හා වසරේ ශාස්ත්‍රීය ක්‍රීඩා කෘතිය.

- 223


අදහස් (0)

සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල 11 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.