Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සන්දා සටන් පුහුණුවට ඉරානයෙන් විශේෂඥයෙක්

සන්දා සටන් පුහුණුවට ඉරානයෙන් විශේෂඥයෙක්

editorial - 2019 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන වූෂූ කණ්ඩායමේ සන්දා (ද්වන්ද සටන්) ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සඳහා ඉරාන ජාතික විශේෂඥ වූෂූ පුහුණුකරුවකු වන අබ්බාස් ශීබැක් මේ මස 9 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මේ මස 30 වැනිදා දක්වා ඔහු ශ්‍රී ලංකා වූෂූ කණ්ඩායම පුහුණු කරනු ඇත.

ඉරාන වූෂූ සම්මේලනයේ සභාපති මෙන්ම ආසියානු වූෂූ සම්මේලනයේ උප සභාපතිද වන ආචාර්ය මහ්දි අලිනේජාඞ් මහතාගෙන් ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා කරන ලද ඉල්ලීමකට අනුව මෙම පුහුණුකරු කිසිදු අය කිරීමකින් තොරවම ශ්‍රී ලංකාවට ලබාදීබට ඉරාන වූෂූ සම්මේලනය පියවර ගෙන තිබේ.

ක්‍රීඩා කලමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධිධාරියකු වන අබ්බාස් මහතා, ඉතා විශිෂ්ඨ සන්දා පුහුණුකරුවකු වන අතර අතර 2018 වසරේ මැකාවෝහි පැවැති ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා තරගාවලියේදී සන්දා අංශයේ ශූරයන් වූ ඉරාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවාද විය.

එමෙන්ම 2019 වසරේ බෲනායිහි පැවැති ආසියානු කනිෂ්ඨ වූෂූ තරගාවලියේ සන්දා අනු ශූරතාව දිනූ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූයේද ඔහුය. ඉරාන කනිෂ්ඨ වෘත්තීය ලීග් සන්දා තරගාවලියේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසද ඔහු 2015 වසරේ සිට 2018 වසර දක්වා කටයුතු කර තිබේ.

ක්‍රීඩකයකු ලෙස ඔහු 2008 වසරේ ජර්මනියේ පැවැති ලෝක විවෘත කික් බොක්සිං තරගාවලියේ ශූරතාව දිනූ අතර ලෝක වූෂූ සන්දා තරගාවලියේ කිලෝ ග්‍රෑම් 65 බර පංතියේ රන් පදක්කම් දිනාගැනීමටද සමත් වූවෙකි.


-036

 


අදහස් (0)

සන්දා සටන් පුහුණුවට ඉරානයෙන් විශේෂඥයෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.