Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.අන්තෝනි බාලිකාවෝ සටන දිනති

ශා.අන්තෝනි බාලිකාවෝ සටන දිනති

editorial - 2020 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව වේල්ස් කුමරි විදුහල සහ පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල අතර දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති කුමරියන්ගේ සටන මහ ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි බාලිකා විදුහල සමත් විය.

ඕවර 35 ක සීමිත ඕවර තරගයක් ලෙස පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් වේල්ස් කුමරි විදුහල ඕවර 22.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 156 ක් ලබාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත අන්තෝනි බාලිකා ක්‍රීඩිකාවෝ ඕවර 29.1 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

එහිදී ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ චතුමි සිල්වා ලකුණු 43 කට කඩුලු 4 ක් දවාගනිමින් සහ ලකුණු 30 ක් රැස්කරමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද එක ලෙස දස්කම් දැක්වූවාය.

ඒ අනුව තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව මෙන්ම දක්ෂතම පන්දු යවන්නිය ලෙසද චතුමි සිල්වා සම්මාන දිනාගත් අතර දක්ෂතම පිතිකාරිණිය ලෙස වේල්ස් කුමරි විදුහලේ චතුරි ෂර්මිලා සම්මාන දිනාගත්තාය.


වේල්ස් කුමරි විදුහල - ඕවර 22.1 කදී සියලු දෙනා දැවී 156
(චතුරි ෂර්මිලා 32, දුලන්තා නානායක්කාර 24, චතුමි සිල්වා 43/4, ලක්ෂානි චතුරිකා 33/2)

ශාන්ත අන්තෝනි බාලිකා විදුහල - ඕවර 29.1 කදී කඩුලු 4 ක් දැවී 158
(චතුමි සිල්වා 30, නිමාෂා නිලුපුලී 25)

-036

 


අදහස් (0)

ශා.අන්තෝනි බාලිකාවෝ සටන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.